October 21, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

අක්‍රීය වූ නොරොච්චෝලේ එක් ජනන යන්ත්‍රයක් හෙට පද්ධතියට එක්වන ලකුණු..

1 min read

අක්‍රිය වූ නොරොච්චෝලේ තාප බලාගාරයේ මෙගා වොට් 300ක එක් ජනන යන්ත්‍රයක් හෙට (22) පස්වරුව වන විට ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතින බව එහි විදුලි ඉන්ජිනේරුවන් පවසයි.

කෙසේ වෙතත් අද දිනයේත් පැයක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක ‍කෙරෙනු ඇති.

බලශක්ති අමාත්‍යංශයේ ලේකම් ජී.එම්.ආර්.ඩී. අපොන්සු හිරු ප්‍රවෘත්ති කළ විමසීමකදී සඳහන් කළේ, නොරොච්චෝලේ තාප බලාගාරයේ ජනන යන්ත්‍ර යථාවත් කිරීමේ කටයුතු මේ වනවිට විට සිදුවෙමින් පවතින බැවින් හෙට දිනයේ එක් ජනන යන්ත්‍රයක් ජාතික පද්ධතියට එක් කළහොත් විදුලි කප්පාදුවක් අවශ්‍ය නොවන බවට ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම තමන් වෙත දැනුම් දී ඇති බවයි.

පසුගිය සෙනසුරාදා සිදු වූ හදිසි විදුලි බිඳ වැටීමත් සමඟ නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍ර 3ම මුළුමනින්ම අක්‍රීය විය. එමගින් ජාතික පද්ධතියට අහිමි වූ සමස්ත විදුලි ධාරිතාවය මෙගාවොට් 810ක්.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x