September 24, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

වහාම විපක්ෂ නායක දැරීමට සුදුසු අයකු වෙත පවරා වහාම ධුරයෙන් ඉල්ලා අස්වීමට පියවර ගන්න – නාගානන්ද කොඩිතුවක්කු

1 min read

දුෂණ අපරාධ චෝදනා රැසක් එල්ලවී ඇති අගවිනිසුරු සුරසේනට නීති විරෝධීව වසර 2 ක සේවා දිගුවක් ලබා දීමට ජනාධිපති වංචනිකව ඉදිරිපත් කල 22 වන ව්‍යවස්ථා සංශෝධනය මුල පටන්ම නීති විරෝධී බවත්, ව්‍යවස්ථා විරෝධී බවත්, ඔබ දැන සිටියට එය පරාජය කිරීමට කිසිම පියවරක් ගැනීම, ඔබ දිගින් දිගටම චේතනාන්විතව පැහැර හරින ලද බව රටේ ජනතාවට පැහැදිළිය.

එයට ප්‍රධානම හේතුව රාජ්‍ය බලය දරන අවධියේ ඔබ විසින් සිදු කරන ලද දුෂණ අපරාධ රැසක් පිලිබඳ තොරතුරු ජනාධිපති අනුර දිසානායක අතට පත්වීම බවත්, එහෙයින් ඔබ අසරණ වී ඇති බවත් නොදන්නා අයකු නැති තරම්ය.

විපක්ෂ නායක වශයෙන් මේ අවස්ථාවේ ඔබට බරපතළ වගකීමක් පැවරී තිබුනද පෙර වැරදි නිසා ඔබට කිසිවක් කර කියා ගත නොහැකි නම් ඔබ වහාම කල යුතුව තිබුනේ ධුරයෙන් ඉවත්වී විපක්ෂ නායක ධුරයේ වගකීම සෘජුව ඉටුකළ අයකු වෙත පැවරීමය. එම වගකීමද ඔබ මේ මොහොත දක්වාම පැහැර හරින ලදී.

එහෙයින් ඩොලර් මිලියන 999 ක එක්ස්ප්‍රස් පර්ල් වන්දි වංචාව ඇතුළුව බරපතළ දුෂණ අපරාධ චෝදනා රැසකට මැදිවී සිටින, අධිකරණයට අපහාස කරමින් තව දුරටත් ධුරයේ රැඳී සිටින, අගවිනිසුරු පද්මන් සුරසේන විධායක ජනාධිපතිගේ ග්‍රහණයට පත්වී, ජනතාවගේ අධිකරණ බලය ජනතාවට අහිමි කර ඇති මෙම දුෂ්කර අවස්ථාවේ, රටේ ජනතාව තව දුරටත් දැඩි අපහසුතාවයට පත් කිරීමෙන් වැලකී වහාම විපක්ෂ නායක දැරීමට සුදුසු අයකු වෙත පවරා වහාම ධුරයෙන් ඉල්ලා අස්වීමට පියවර ගන්නා ලෙස විනිවිද පදනම මෙයින් ඔබ වෙත අවධාරණය කෙරෙයි.

ජනප්‍රිය පුවත්  බඩී සිද්ධිය ගැන අධ්‍යාපන ලේකම් නාලකගේ පැමිණිල්ලට නාලකවම සැකකරුවෙක් ලෙස නම් කරන්නැයි උපදෙස්!
Screenshot
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x