මහනාහිමිවරු ජනපතිට යොමුකළ ලිපිය ලැබිලා – ඇමති නලින්ද කරුණු පහදයි
1 min read
අධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම වයස් දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය නුසුදුසු බවට දන්වමින් ත්‍රෛනිකායික මහානාහිමිවරුන් ජනාධිපතිවරයාට යොමුකළ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලැබුණු බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (11) පැවසීය.
අද (11) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී, අදාළ ලිපිය ජනාධිපතිවරයා වෙත ලැබී ඇත්දැයි මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ අදාළ ලිපියේ අඩංගු කරුණු අනුව තමා සහ අධිකරණ අමාත්‍යවරයා මහනාහිමිවරු බැහැදැක කරුණු පැහැදිලි කළ බවය.
