එල්-නිනෝ තේ වගාවටත් ඔරවයි
1 min read
එල්නිනෝ බලපෑම මත දිගුකාලීන උෂ්ණත්වය සහ පසෙහි තෙතමනය අඩුවීම නිසා සති කිහිපයක් ඇතුළතම පහතරට තේ අස්වැන්න පහළ යා හැකි බවත්, උඩරට තේ වගාව රාත්‍රි උෂ්ණත්වය ක්‍රමයෙන් ඉහළ යාම නිසා උඩරට තේ වගාවට ද බලපෑම් ඇතිවිය හැකි බවත් ලංකා වැවිලිකරුවන්ගේ සංගමය පවසයි.
එල්නිනෝ තත්ත්වයට මුහුණ දීම සඳහා වතු සමාගම් මේ වනවිට ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ලංකා වැවිලිකරුවන්ගේ සංගමය පවසයි.
වියලි කාලගුණයෙන් දැඩි ලෙස බලපෑමට ලක්ව ඇති දිස්ත්‍රික්ක කිහිපයක්ම ප්‍රධාන වැවිලි කලාපවලට ආසන්නව පිහිටා තිබෙන බවත්, එල්නිනෝ තත්ත්වය වතු සීමවකින් නොනැවතී රත්නපුර, ගාල්ල ආශ්‍රිත පහතරට තේ හා රබර් වගාවෙන් ආරම්භ වී මහනුවර මධ්‍යම කඳුකර වතු ප්‍රදේශ හරහා නුවරඑළිය සහ බදුල්ල උඩරට තේ වගාවන් දක්වා සියලු උස මට්ටම් එහි බලපෑමට නිරාවරණය වන බවත් එම සංගමය කියයි.
කලාපීය වැවිලි සමාගම් පර්යේෂණ හවුල්කාරිත්ව ගොඩනගාගැනීම, නිරීක්ෂණ තාක්ෂණය සහ පුනර්ජනනීය බලශක්තිය සඳහා ආයෝජනය කර, දේශගුණික අවදානම් සැලසුම් දෛනික වැවිලි කළමනාකරණයේ කොටසක් බවට පත් කර තිබෙන බවද ලංකා වැවිලිකරුවන්ගේ සංගමය පවසන්නේය.
එල්නිනෝ තත්ත්වයට මුහුණ දීම සඳහා වතු සමාගම් මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ගයන්ගෙන් පැහැදිලි වන්නේ දේශගුණික ඔරොත්තුදීම තවදුරටත් පරිසර කළමනාකරණයට පමණක් සීමා වූ කරුණක් නොව, වැවිලි ව්‍යාපාරවල මූලික ව්‍යාපාරික උපායමාර්ගයක් බවට පත්ව ඇති බවත්, එම ක්‍රියාමාර්ග තවදුරටත් පුළුල් කිරීමට රජයේ සහ අදාළ ආයතනවල වැඩි සහාය අවශ්‍ය බවට මෙය ප්‍රබල සාධකයක් ද සපයන බව ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ මහලේකම් ලලිත් ඔබේසේකර පැවැසුවේය.
