July 28, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

මෙරට වැඩිහිටි ජනගහනයෙන් 10%ක් පමණ වකුගඩු රෝගයෙන් පීඩාවට

1 min read

මෙරට වැඩිහිටි ජනගහනයෙන් 10%ක් පමණ වකුගඩු රෝගයෙන් පීඩා විඳින බවට හඳුනාගෙන ඇතැයි වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනුපමාද සිල්වා මහත්මිය පවසයි.

වෛද්‍යවරිය පැවසුවේ මීට අමතරව හඳුනා නොගත් සහ පරීක්ෂණවලට භාජනය නොවූ වකුගඩු රෝගීන් විශාල ප්‍රමාණයක්ද මෙරට තුළ සිටිය හැකි බවය.

වකුගඩු රෝගයට ප්‍රධානම හේතුව වී ඇත්තේ දියවැඩියාව බව පැවසූ වෛද්‍යවරිය අනෙකුත් ආසියානු රටවලට සාපේක්ෂව වැඩිම දියවැඩියා රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන්නේද මෙරටින් බවද සඳහන් කළාය.

එය ප්‍රතිශතයක් ලෙස 25%ක අගයක් ගන්නා බවත් සඳහන් කළ වෛද්‍ය අනුපමාද සිල්වා මහත්මිය දියවැඩියාව රෝගය මනාව පාලනය නොකිරීමෙන් වකුගඩු රෝගයට ගොදුරුවන බවද පෙන්වා දුන්නාය.

එමෙන්ම මීට අමතරව අධික රුධිර පීඩනය, හෘදයාබාධ, වස විෂ ශරීරගත වීම වැනි තත්ත්වයන් බලපාන බවද වෛද්‍යවරිය සඳහන් කළාය.

මේ හේතුවෙන් දැනට වාර්තා වී ඇති 10%ක් පමණ වකුගඩු රෝගීන් සංඛ්‍යාව ඉදිරියේදී 25%ක් දක්වා ඉහළ යා හැකි බවත් පෙන්වූ වෛද්‍යවරිය එය 30%-40%ත් දක්වා යා හැකි බවටද අනතුරු ඇඟවූවාය.

වෛද්‍යවරිය පැවසුවේ වකුගඩු රෝගය පිළිබඳව සිදුකළ සොයා බැලීමකදි කොළඹ ආශ්‍රිතව විවිධ ප්‍රදේශවලින් තරුණ ප්‍රජාවද හමුවූ බවත් ඔවුන්ගෙන් ලබා ගත් තොරතුරු අනුව විවිධ කායවර්ධන සහ සම පැහැගැන්වීම සඳහා භාවිත කරන විවිධ ඖෂධ භාවිතය හේතුවක් වී ඇති බවද සඳහන් කළාය.

ජනප්‍රිය පුවත්  මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන වෙත මුදාහැර ඇති මර්දනය නවතනු! -

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x