මල්ලවපොර ක්රීඩිකාවන්ගේ බලාපොරොත්තු බිඳ වැටේ
1 min read
කසකස්තානයේ අස්තානා හි පැවැත්වෙන ජ්යෙෂ්ඨ මල්ලවපොර ලෝක ශූරතාවලිය සඳහා ශ්රී ලංකාව නියෝජනය කරමින් තරග කළ නෙත්මි අහිංසා සහ නිපුනි වාසනා ධර්මදාස ක්රීඩිකාවන්ට සිය සුදුසුකම් ලැබීමේ වටයේ තරග පරාජය වීම හේතුවෙන් තරගාවලියෙන් ඉවත්වීමට ඊයේ (27 වැනිදා) සිදු විය.
කිලෝග්රෑම් 57 බර පන්තිය යටතේ තරග කළ නෙත්මි අහිංසා යුක්රේන ක්රීඩිකා ඔලෙක්සැන්ඩ්රා හමුවේ තරග ආරම්භයේ පටන් සාර්ථකව තරග කරමින් තරගයේ පෙරමුණ හිමිකර ගැනීමට සමත් වූවාය. ලකුණු 8-6ක් ලෙස ජයග්රහණය සඳහා ආසන්නව සිටි නෙත්මි අවසන් මොහොතේ නොකවුට් පරාජයක් ලැබීම හමුවේ ශ්රී ලංකා බලාපොරොත්තු නිම විය.
අනතුරුව කිලෝග්රෑම් 50 බර පන්තිය යටතේ තරග බිමට පිවිසි නිපුනි වාසනා කැනඩාවේ ක්රීඩිකා කේටි ඈන් හමුවේ පරාජයට පත් වූවාය.
