බොරු කියන එක ආත්මගත ක්‍රියාවක් බවට පත්වෙලා.. – වත්මන් ආණ්ඩුවේ දේශපාලන භාවිතාව හා රටේ ඉදිරි දිශානතිය ගැන විමල් වීරවංශගෙන් අනාවරණයක්..
1 min read
ජාතික නිදහස් පෙරමුණේ නායක සහ හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා වත්මන් දේශපාලන තත්ත්වය සහ ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් ගමන්මඟ පිළිබඳව දැඩි විවේචනයක් එල්ල කරයි.
යූටියුබ් නාලිකාවක් සමඟ පැවැත්වූ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පෙන්වා දෙන්නේ වත්මන් පාලකයින් අතීත සමාජවාදී නායකයන්ගේ සහ සංකේතවල ඡායාරූප පිටුපස සැඟවෙමින් සිය පැරණි ප්‍රතිපත්ති සම්පූර්ණයෙන්ම පාවා දී ඇති බවයි.
අතීතයේ දේශපාලන පොරොන්දු මෙන් නොව වර්තමානයේ ජනතාවට ලබා දී ඇති බලාපොරොත්තු සහ සිදුකරන ප්‍රකාශ ප්‍රායෝගික තත්ත්වයට වඩා බෙහෙවින් වෙනස් බවත්, පවතින යථාර්ථයෙන් බැහැරව අසත්‍ය ප්‍රකාශ කිරීම ස්වභාවික ක්‍රියාවක් බවට පත්ව ඇති බවත් ඔහු සඳහන් කරයි.
දකුණු ආසියාවේ උපායමාර්ගිකව වැදගත් ස්ථානයක පිහිටි ශ්‍රී ලංකාව, නූතන ලෝක ප්‍රවණතා කෙරෙහි අවධානය යොමු නොකර තවමත් පැරණි මතවාදයන් දෙස බලා තීරණ ගැනීම කනගාටුදායක තත්ත්වයක් බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.
රටේ අනාගත ගමන්මඟ පිළිබඳ අදහස් දක්වමින් වීරවංශ මහතා ප්‍රකාශ කළේ, තමන් ඉදිරියටත් ජාතිකවාදී, දේශප්‍රේමී මෙන්ම මෙරට බෞද්ධ සහ සංස්කෘතික සභ්‍යත්වය සුරකින දේශපාලන භාවිතාවක නිරත වන බවයි.
එමෙන්ම BRICS සංවිධානය ඇතුළු නැගී එන නව ලෝක ආර්ථික බලවේග සමඟ අනුගත වෙමින් රට ඉදිරියට ගෙන යා යුතු බව ඔහු පෙන්වා දෙයි.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
