November 7, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

1 min read

අඟුරුවාතොට පොලිස් වසමේ බටගොඩ ප්‍රදේශයේ නිවසක් තුළදී තියුණු ආයුධයකින් පහරදීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු හොරණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

ඊයේ (06) රාත්‍රියේ මෙම ඝාතනය සිදුව ඇති බව පොලිසිය සඳහන් කළේය.

මියගොස් ඇත්තේ 41 හැවිරිදි ගල්පාත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මරණකරු සහ සැකකරු අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් තියුණු ආයුධයකින් පහරදීමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අඟුරුවාතොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x