වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්
1 min read
‘ඔර්නබ්’ සුළි කුණාටුවේ බලපෑමෙන් ඉහළ ගිය ගංගා කිහිපයක ජල මට්ටම් මේ වන විට අඩු වෙමින් පැවතියද එහි අවදානම තවමත් පහව ගොස් නොමැති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාරිමාර්ග අධ්යක්ෂ ලසන්ත සූරියබණ්ඩාර මහතා පැවසීය.
‘ඔර්නබ්’ සුළි කුණාටුව හේතුවෙන් ශ්රී ලංකාවට ඇති වූ කාලගුණික තත්ත්වය පිළිබඳව පැහැදිලි කිරීමේ ‘අද දෙරණ Big Focus’වැඩසටහනට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
ඒ අනුව, මෙම සුළි කුණාටුවේ සෘජු බලපෑමක් නොතිබුණද, මෙරටට වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ සුළඟ සහ වර්ෂාපතනය හේතුවෙන් බව ඒ මහතා පැවසීය.
මෙම වර්ෂා තත්ත්වයෙන් ගාල්ල සහ මාතර දිස්ත්රික්ක, බස්නාහිර පළාත,වයඹ පළාත,සබරගමුව පළාත සහ මධ්යම පළාතේ නුවර සහ නුවරඑළිය දිස්ත්රික්කය වැඩිම බලපෑමට ලක්ව ඇති ඒ මහතා පැවසීය.
ගෙවුණු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනයක් ලැබී ඇත්තේ ගිංගඟ, කැලණි ගඟ, අත්තනගලු ඔය සහ මහ ඔයේ ඉහළ ධාරා ප්රදේශවලට බව ඔහු පැවසීය.
මීට අමතරව, මහවැලි ගගේ ඉහළ ප්රදේශවලටද ඊයේ සවස සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර, ඇතැම් ස්ථානවලට මිලිමීටර් 125ත් 150ත් අතර වර්ෂාවක් ලැබී ඇති හෙයින් ප්රධාන ගංගා කිහිපයකම ජල මට්ටම් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව පැවසීය.
ඒ අනුව, නිල්වලා ගඟේ ඉහළ ප්රදේශවලට ලැබුණු වර්ෂාවත් සමඟ මධ්යම සහ පහළ ප්රදේශවල, විශේෂයෙන් අකුරැස්ස සහ ඉන් පහළ ප්රදේශවල දැනට සුළු ගංවතුර තත්ත්වයක් පවතින බව ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත්, නිල්වලා ගඟේ ඉහළ ප්රදේශවල සහ අකුරැස්ස ප්රදේශයේ ජල මට්ටම යම් පමණකින් අඩුවෙමින් පැවතුණද, පහළ ප්රදේශවල ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින අතර එය අධි ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අවදානමක් නොමැති බව පැවසීය.
එලෙසම ගිං ගඟේ බද්දේගම සහ ඒ ආසන්න පහත්බිම් ප්රදේශවල ජල මට්ටම තවදුරටත් සාමාන්ය මට්ටමක වැඩිවීමක් පෙන්වන අතර, එය සුළු ගංවතුර තත්ත්වයකට ආසන්නව පවතී.
මේ අතර,ඊයේ දිනයේ කළු ගඟෙහි ජල මට්ටම ඉහළයෑම හේතුවෙන් රත්නපුර ප්රදේශයේ සැලකිය යුතු සුළු ගංවතුර මට්ටමක් ඉක්මවා යාමක් දක්නට ලැබුණු අතර, පහළ ප්රදේශවල ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතී.
කෙසේ වෙතත්,මේවන විට රත්නපුර ප්රදේශයේ ජල මට්ටම ක්රමයෙන් අඩු වෙමින් පවතින අතර, කුඩාගඟ ප්රදේශයේ මිල්ලකන්ද සහ ඉන් පහළ කුටුපවුළ මෙන්ම කළුතර දිස්ත්රික්කයේ ඇතැම් පහත්බිම්වල ජල මට්ටම තවදුරටත් සාමාන්ය මට්ටමක වැඩිවීමක් පෙන්වන බව ඒ මහතා පැවසීය.
එලෙසම ඊයේ දිනයේ කෙටි කාලයක් තුළ කැලණි ගඟේ ජල මට්ටම සැලකිය යුතු ලෙස ඉහළ යාම හේතුවෙන් කිතුල්ගල සහ හංවැල්ල ඇතුළු ප්රදේශ කිහිපයක් ජලයෙන් යට වී ඇති අතර මේ වන විට කැලණි ගඟේ ජල මට්ටම ක්රමයෙන් අඩු වෙමින් පවතින බව ඔහු පැවසීය.
ගම්පහ දිස්ත්රික්කයේ ධූනමලේ ප්රදේශයේ අත්තනගලු ඔය ආශ්රිතව මේ වන විටත් සුළු ගංවතුර තත්ත්වයක් සහ සාමාන්ය ජල මට්ටම් වැඩිවීමක් පවතින බව පැවසීය.
ඒ හේතුවෙන් ඉන් පහළ පහත්බිම් ප්රදේශ තවදුරටත් යටවීමේ අවදානමක් පවතින බව ඒ මහතා සඳහන් කළේය.
මේ වන විට බඩල්ගම ප්රදේශයේ ජල මට්ටම අඩුවෙමින් පැවතුණද, ඉන් පහළ ප්රදේශවල තවදුරටත් යම් ජල මට්ටම් වැඩිවීමක් නිරීක්ෂණය වන බව වැඩිදුරටත් සඳහන් කරන්නට විය.
නමුත් අද දිනයේදී වර්ෂාපතනය ලැබෙන කාලගුණයක් ඇති අවදානම් මට්ටමකට පැමිණ ඇති මෙයින් මේ සම්බන්ධයෙන් සැලකිලිමත්ව කටයුතු කරන පෙර සූදානමකින් කටයුතු කරන ලෙස ඒ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබයි.
