කාවන්තිස්සට අධිමාත්රා දුන් බවට චෝදනා එල්ල වූ වෛද්ය ඉසුරු ඉල්ලා අස් වෙයි..
1 min read
කාවන්තිස්ස හස්තියාට ප්රතිකාර සඳහා පැමිණි නිකවැරටිය පශු වෛද්ය කාර්යාලයේ සේවය කළ වෛද්ය ඉසුරු හේවාහෙට්ටිගේ සිය සේවයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ලබා දී ඇති බව වනජීවී හා සත්වෝද්යාන පශු වෛද්ය නිලධාරී සංගමයේ සභාපති වෛද්ය නිහාල් පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.
වෛද්ය ඉසුරු හේවාහෙට්ටිගේ හට චෝදනා එල්ල වී තිබුණේ ‘කාවන්තිස්ස’ හස්තියාට නිසි පරිදි ප්රතිකාර නොකිරීම සහ අධිමාත්රාවෙන් ඖෂධ ලබාදීම ඇතුළු චෝදනාය.
අදාළ චෝදනා සම්බන්ධයෙන් සමාජයේ දැඩි විරෝධයක් මෙම වෛද්යවරයාට එල්ල වූ අතර සමාජ මාධ්ය ඔස්සේ ද ඔහුට දැඩි විරෝධයක් මතුවිය. මීට පෙර මියගිය තේක්ක රාජා සහ භාතිය නැමැති දැවැන්ත හස්තීන් රෝගාතුර වූ අවස්ථාවේදී ප්රතිකාර ලබා දී ඇත්තේ ද මෙම වෛද්යවරයා බව වාර්තා වේ.
