කොත්මලේ නායයෑමක්
1 min read
කොත්මලේ ප්‍රදේශයට (09) දින පස්වරුවේ ඇදහැලුණු අධික වර්ෂාවත් සමග කොත්මලේ ගැරඩිඇල්ල ප්‍රදේශයෙන් නායයෑමක් සිදු වීමක් හේතුවෙන් හැටන් ගම්පොළ ප්‍රධාන මාර්ගයේ නායයැමට ලක් වූ ස්ථානයේ රථවාහන ගමනා ගමනය එක් මන්තීරුවකට සීමා කල බව කොත්මලේ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඉන්දික ලලිත් මහතා පැවසීය
(09) දින පස්වරු 6:30ට පමණ කදු මුදුනේ සිට පස් මග ගල් කිහිපයක් ප්‍රධාන මාර්ගයට පෙරලුන බවත්, නාය ගිය ස්ථානයෙන් ඉහළින් තවත් විශාල ගල් කිහිපයක් ප්‍රධාන මාර්ගයට පෙරලිමේ අවධානමක් පවතින නිසා එම ස්ථානයෙන් රථවාහන ධාවනයේදි සැලකිලිමත් ලෙස රිය ධාවනය කරවන ලෙස පොලිස් ස්ථානාධීපතිවරයා රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
