October 31, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පොල් රා අපනයන සමාගම්වලට බලපත්‍ර දීමේදී කොන්දේසියක්

1 min read

පොල් රා ඇසුරුම් කර අපනයනය කරනු ලබන සමාගම්වලට ඒ සඳහා වන අපනයන බලපත්‍ර ලබාගැනීමට නම් ඉදිරියේදී පොල් පර්‌යේෂණ ආයතනය සහ සුරාබදු දෙපාර්තමේන්තුව එක්ව පුහුණුව ලබාදෙන රා මදින්නන් (රා මැදුම් ශිල්පීන්) ඔවුන්ගේ රා මැදීමේ කටයුතු සඳහා යොදාගත යුතු යැයි පොල් පර්‌යේෂණ ආයතනයේ සභාපති මහාචාර්ය අජිත් ජයවීර පැවසීය.

පොල් ගස් නැගීමට පවතින ආකල්පමය ගැටලුව හේතුවෙන් මේ වන විට රට තුළ රා මදින්නන්ගේ හිඟයක් පවතින බවද හෙතෙම පෙන්වා දුන්නේය.

නමුත් රා මදින්නකුහට රුපියල් එක්ලක්ෂ පනස් දහසක පමණ අවම වැටුපක් ලබාගත හැකි බව පෙන්වා දුන් ඒ මහතා රා මදින්නන්ගේ හිඟයට පිළියමක් ලෙස ඔවුන්හට වෘත්තියමය වටිනාකමක් ලබාදීමට සුරාබදු දෙපාර්තමේන්තුව සමග එක්ව පුහුණු වැඩසටහන් ලබාදෙන බවද සඳහන් කළේය. මෙම පුහුණු වැඩසටහන මගින් දැනටමත් රා මදින්නන් සිය දෙනකු පමණ පුහුණු කර ඇත. මේ වනවිට පොල් රා අපනයනය කරනු ලබන ලියාපදිංචිය ලබාගත් ආයතන හතළිහක් පමණ පවතින අතර එම ආයතන මින් ඉදිරියට මෙලෙස පුහුණුව ලබාදෙන රා මදින්නන්ගෙන් සේවය ලබාගත යුතුය.

ජනප්‍රිය පුවත්  ප්‍රභාකරන්ගේ නිවසේ දැවැන්ත සිව් මහල් කෞතුකාගාරයක්…දෙමළ තරුණයන්ගේ පෞරුෂය නංවන්න වැඩසටහන්…!
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x