September 10, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කටේනායකට දුවන්න දෙයි! ආණ්ඩුව නිහඬ වෙයි! රිස්වි කතානායක ධුරයට යෝජනා කරයි!

1 min read

පාර්ලිමේන්තුවේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරන ගරු කථානායකතුමා යටතේ සේවය කරන නිලධාරීන්ට එතුමා සම්බන්ධයෙන් සාක්ෂි හා තොරතුරු ලබාදීමේදී අපක්ෂපාතී හා ස්වාධීනව කටයුතු කිරීමට හැක් වේ ද යන්න පිළිබඳ සාධාරණ සැකයක් ඇති විය හැකි බව කතානායකවරයාට එරෙහිව වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කරමින් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා.මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තුව හමුවේ වරප්‍රසාද ප්‍රශ්ණය ඉදිරිපත් කිරිමට කතානායකවරයා ඉඩ නොදුන් අතර පසුව එය සභාගත කෙරුණා.

පාර්ලිමේන්තුව තුල උණුසුම් තත්ත්වයක් ඇතිකරමින් දයාසිරි ජයසේකර කියා සිටියේ “කතානායකවරයාට ඔය පුටුවේ ඉන්න බැරි බවයි … දුෂිතයෙකුට මේ පුටුවේ ඉන්න බෑ” මේ අතර පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කියා සිටියේ වත්මන් නියෝජ්‍ය කතානායකවරයා කතානයකවරයා ලෙස යොජනා කරන බවයි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශනයක් පවතින අවස්ථාවක කථානායක ධුරය දැරීම, පාර්ලිමේන්තු කටයුතු වල මුලසුන දැරීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති ලෙස කටයුතු කිරීම සම්බන්ධයෙන් පැන නගින නීතිමය, සාදාචාරාත්මක හා ආයතනික විශ්වාසවන්තභාවය පිළිබඳ ඉදිරිපත් කරනු ලබන වරප්‍රසාද ප්‍රශ්නය.

“පාර්ලිමේන්තුවේ ප්‍රධානියා වශයෙන් කටයුතු කරන ගරු කථානායකතුමා යටතේ සේවය කරන නිලධාරීන්ට එතුමා සම්බන්ධයෙන් සාක්ෂි හා තොරතුරු ලබාදීමේදී අපක්ෂපාතී හා ස්වාධීනව කටයුතු කිරීමට හැක් වේ ද යන්න පිළිබඳ සාධාරණ සැකයක් ඇති විය හැකි බවත් ඊට හේතු වන්නේ ගරු කථානායකතුමා හෝ ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරීන් වෙතින් අදාළ විමර්ශනය සඳහා තොරතුරු හෝ සාක්ෂි ලබාදෙන පාර්ලිමේන්තු මහ ලේකම්ගේ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් හට බලපෑමක් සිදු කිරීමට ඉඩකඩක් තිබීමය.”

ජනප්‍රිය පුවත්  විශ්වවිද්‍යාල 17 පවා පවත්වාගෙන යන්න බැරුව 50ක් හදන්න යනවා.. - සරසවි ඇදුරන් අද වැඩවර්ජනයක..

“මේ බව තවදුරටත් තහවුරු වන්නේ කථානායකතුමා සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කරනු ලබන විමර්ශනයට අදාළ කරුණු වලට බලපෑම් විය හැකි ආකාරයෙන් මැදිහත්වීමක් කථානායකතුමාගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේ යන අය විසින් සිදුකර ඇති බවට ලිඛිත සාක්ෂි ඇති හෙයිනි. එම මැදිහත්වීම සිදුකර ඇත්තේ කථා නායකවරයාගේ ද දැනුවත්භාවය මත බව ද වාර්තා වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් ද පාර්ලිමේන්තු මන්ත්‍රී ර්හෂණ රාජකරුණා මහතා විසින් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, එකී පැමිණිල්ල සම්බන්ධයෙන් අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් AC/0695/2026 යන අංකය යටතේ විමර්ශනයක් ද ආරම්භ කර ඇත.”

මා විසින් ඉහතින් සඳහන් කරන ලද සියලු කරුණු කාරණා අනුව 2023 අංක 9 දරන දුෂණ විරෝධී පනතෙහි 107 වන වගන්තිය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් සඳහා වන ආචාරධර්ම සංග්‍රහයෙහි 7(ආ) සහ 19 යන වගන්ති වල විධිවිධාන සලකා බැලීමේදී වර්තමාන කථානායක ගරු ජගත් වික්‍රමරත්න මහතා හට තමා සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉදිරියේ විමර්ශනයක් පැවැත්වෙන අවස්ථාවකදී මෙම උත්තරීතර ව්‍යවස්ථාදායකයේ මුලසුන දැරීමට හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති ධූරය දැරීමට නීත්‍යානුකූල මෙන්ම සදාචාරාත්මකව ද අයිතියක් නොමැත.

ජනප්‍රිය පුවත්  කොලොම්බියා භූමිකම්පාවෙන් සිදුවූ මරණ 250 ඉක්මවයි..

“මේ අනුව දැනටමත් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ හා ඔහුගේ පෞද්ගලික ලේකම්ගේ නීතිවිරෝධී මැදිහත්වීම මෙම විමර්ශනය සඳහා සිදුවන බවට පැහැදිළි සාක්ෂි ඉදිරිපත් වී ඇත. තවද, මා වෙත දැන ගැනීමට ලැබී ඇති ආකාරයට ගරු කථානායකතුමා හෝ ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරීන් විසින් මෙකී විමර්ශනයට අදාළව සාක්ෂි ලබාදෙන පාලන අංශයේ, මූල්‍ය අංශයේ හා ප්‍රවාහන අංශයේ නිලධාරීන් කථානායක කාර්යාලයට ගෙන්වා ගැනීමටත්, දුරකථන මාර්ගයෙන් ඔවුන් වෙත මෙකී විමර්ශනය සම්බන්ධයෙන් යම් යම් බලපෑම් සිදු කිරීමත් කරනු ලබන බවයි.”

“දුෂණ විරෝධී පනතේ 3(5) වගන්තිය යටතේ කොමිෂන් සභාවේ බලතල හෝ කර්තව්‍ය ක්‍රියාත්මක කිරීමට හෝ කිරීමට මැදිහත් වන හෝ මැදිහත්වීමට තැත් කිරීම බරපතල වරදක් වේ.”

“එම නිසා තමා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුවන අවස්ථාවකදී හා එකී විමර්ශනයට අවශ්‍ය තොරතුරු හා සාක්ෂි ලබාදෙන නිලධාරීන් තමා යටතේ සේවය කරනු ලබන අවස්ථාවකදී, එමෙන්ම එකී නිලධාරීන්ට සාක්ෂි සම්බන්ධයෙන් බලපෑම් සිදුවන බවට කරුණු පවතින අවස්ථාවකදී වර්තමාන කථානායක ගරු වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා තවදුරටත් උත්තරීතර පාර්ලිමේන්තුවේ ප්‍රධානියා වශයෙන් කථානායක ධූරය දැරීම සදාචාරාත්මක ද යන්න බරපතල ප්‍රශ්නයකි.”

ජනප්‍රිය පුවත්  මොරවක්කෝරළේ තේ නිපදවන්නන්ගේ සමුපකාර සමිතියේ මාලිමා පාලනය පෙරළේ..

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x