ක්‍රිකට් පනත් කෙටුම්පත ගැසට් කරයි; මාධ්‍ය සේවකයන්ට විශේෂ තහංචියක්
1 min read
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය ප්‍රතිසංවිධානය කිරීම සඳහා සකස් කළ ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කර
ක්‍රිකට් ක්‍රීඩාව පාලනය කිරීම, නියාමනය, ප්‍රවර්ධනය, සංවර්ධනය සහ පරිපාලනය සඳහා නව නීතිමය රාමුවක් ස්ථාපිත කිරීම මෙම පනත් කෙටුම්පතේ ප්‍රධාන අරමුණකි. යහපාලනය, අඛණ්ඩතාව, විනිවිදභාවය, වගවීම, සියලු පාර්ශ්වයන්ගේ සහභාගීත්වය සහ සමාන අවස්ථා මෙන්ම දූෂණ හා වෙනත් අක්‍රමිකතා වැළැක්වීම කෙරෙහිද එහි අවධානය යොමු කර ඇත.
යෝජිත නීතිය යටතේ ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය අධ්‍යක්ෂ මණ්ඩලයක් මගින් සිදු කිරීමට යෝජනා කර තිබේ.
එම මණ්ඩලයට ඡන්දයෙන් තේරී පත්වන අධ්‍යක්ෂවරුන් මෙන්ම නාම යෝජනා කමිටුවක් මගින් නම් කර මණ්ඩලය විසින් පත් කරන ස්වාධීන අධ්‍යක්ෂවරුන්ද ඇතුළත් කිරීමට යෝජිතය.
ස්වාධීන අධ්‍යක්ෂවරයෙකු ලෙස හිටපු ක්‍රීඩකයෙකු පත් කරන්නේ නම්, ඔහුට ජාත්‍යන්තර ක්‍රිකට් තරග අවම වශයෙන් 15කට සහභාගී වූ, මනා කීර්ති නාමයක් ඇති හිටපු ක්‍රීඩකයෙකු වීමේ සුදුසුකමද දක්වා තිබේ.
