විමල් වීරවංශට දැනුම්දීමක්
1 min read
අධිකරණයට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සිදුකළ බවට එල්ල වී ඇති චෝදනාවකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ලබන සිකුරාදා (02) මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය හමුවට කැඳවා තිබේ. ඒ අනුව, එදින පෙරවරු 10.00 ට එම කාර්යාංශය හමුවේ පෙනී සිටින ලෙසට ඒ මහතා වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අනුරාධපුර ප්‍රදේශයේදී සංවිධානය කර තිබූ ජනහමුවක් අමතමින් විමල් වීරවංශ මහතා අධිකරණයට අපහාස වන අන්දමේ ප්‍රකාශයක් සිදුකළ බවට පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබිණි.
එම පැමිණිල්ල පදනම් කරගනිමින් පොලිස්පතිවරයාගේ උපදෙස් මත මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මඟින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, ඊට අදාළව ඉදිරි නීතිමය පියවර ගැනීම සඳහා හිටපු අමාත්‍යවරයාගෙන් මෙලෙස ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතය.
