October 25, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ප්‍රංශයේ විරෝධතා තවත් දරුණු වෙයි

1 min read

ප්‍රංශය පුරා පැතිර යන මහජන විරෝධතා හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 6,000කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ජීවන වියදම් සහ පාසල්වල අඩුපාඩු ඇතුළු තවත් කරුණු ගණනාවක් මත ආරම්භ වූ විරෝධතා මේ වන විට දැඩි ප්‍රචණ්ඩ මුහුණුවරක් ගෙන ඇති අතර විරෝධතාකරුවන් සහ ආරක්ෂක අංශ අතර ගැටුම්ද මේ වන විට නිර්මාණය වී ඇති බවද වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා අනුව පසුගිය දින කිහිපයේදී ප්‍රංශ විරෝධතා දැඩි උණුසුම් මුහුණුවරක් ගෙන ඇති අතර ඊයේ (24) දිනය වන විට ලක්ෂ 4කට ආසන්න පිරිසක් විරෝධතා සඳහා එක්ව ඇති බවද සඳහන් වේ.

එමෙන්ම ඊයේ දිනයේදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති විරෝධතාකරුවන් දහස ඉක්මවා ඇති බවද ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කර තිබේ.

මේ අතර ප්‍රංශ අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ලෝරන්ට් නූනෙස් සඳහන් කර ඇත්තේ පාගමන පිටුපස රැඩිකල් ක්‍රියාකාරීන් දහස් ගණනක් එක්ව ඇති බවත් කැරලිකරුවන් ලෙස හඳුනාගෙන ඇති පුද්ගලයින් 500ක්ද ඊට ඇතුළත් බවය.

ජනප්‍රිය පුවත්  ප්‍රදේශ රැසක ගොයම් කහවෙයි! ගොවියා කබලෙන් ලිපට!
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x