නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් කඩවීම් නැවත සිදුවීමේ අවදානමක් – ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
1 min read
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ‘ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත (PSTA)’ මගින් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ සහ අයිතිවාසිකම් අභියෝගයට ලක්වීමේ බරපතළ තර්ජනයක් පවතින බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් දකුණු ආසියානු ප්රාදේශීය කාර්යාලය පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පවසන්නේ යෝජිත නව පනත මගින් අතීතයේදී සිදුවූ මානව හිමිකම් කඩවීම් නැවතත් සමාජය තුළ තහවුරු වීමේ දැඩි අවදානමක් මතුව ඇති බවය.
ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් යනු ලොව පුරා මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වැළැක්වීම සඳහා ක්රියා කරන ජාත්යන්තර ස්වෙච්ඡා සංවිධානයක්ය.
මෙහි දකුණු ආසියානු කලාපීය කාර්යාලය විසින් ශ්රී ලංකාවට අමතරව ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, භූතානය, මාලදිවයින, නේපාලය සහ පාකිස්තානයේ මානව හිමිකම් පර්යේෂණ සහ උපදේශනය සම්බන්ධීකරණය කරනු ලබයි.
