September 10, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

දළදා වහන්සේගේ මහකරඩුව උස්සති !

1 min read

කීර්ති ශ්‍රි රාජසිංහ රජතමා විසින් දළදා වහන්සේගේ ආරක්ෂාවට පූජාකළ මහකරඬුව ඉවත්කර ඒ වෙනුවට ව්‍යාපාරිකයකු විසින් ඒ ආකාරයට සැකසු නව කරඬුවක් ඉකුත් 8 වැනිදා රහසිගතව සවිකර ඇත.

මෙම මහ කරඬුව වසර 200කට අධික කාලයක් කිසිදු උපද්‍රවයකින් තොරව පැවැති අතර හදිසියේම මෙම මහ කරඬුව ඉවත්කළේ කුමන හේතුවක් නිසාදැයි රහසක්වි තිබේ.

රජතුමා පුජාකළ කරඬුව රිදියෙන් සකසා රන් ආලේප කර තිබේ. මෙම කරඬුව රජවරු කිපදෙනකුම පණ මෙන් රැකගත් අතර ඉංග්‍රීසින් මෙම කරඬුව වටා යකඩ වැටක් ඉදිකර එහි යතුර මහනුවර දිසාපති භාරයේ තබා තිබිණ. රජ සමයේදි මෙම කරඬුවේ යතුර පැවැතියේ රජතුමා භාරයේ වෙන අතර ඉංග්‍රීසි පාලන සමයෙදි එහි යතුර මහ දිසාපති භාරයේ පැවැතින.

පසුව 1970 දශකයේදි මෙම මහ කරඬුවේ ආරක්ෂාව සඳහා ජපානයෙන් වෙඩි නොවදින විදුරු කුටියක්ද පුජාකළේය.

මෙම මහ කරඬුවේ යතුර වර්තමානයේ පවතින්නෙ දියවඩන නිලමේ භාරයේය. ඒ යතුර අන්සතු කළ නොහැක.

මෙම මහකරඬුව ඇතුලේ පිහිටි කරඬු හයක් ඇතුලේ දළදා වහන්සේ වැඩ සිටි. රජසමයේ සිට බැතිමතුන් කෝටි ගණනක් මෙම මහකරඬුවට වන්දනා මාන කර තිබේ.

ජනප්‍රිය පුවත්  සලේ නිරුවත් කළ හැටි CID ය වමාරයි !

දළදා මාලිගා භුමියේ ගල්කැටයක්වත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසර නැතිව සෙලවිය නොහැකි වතාවරණයක් තිබියදි පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති මෙම මහ කරඬුව ඉවත්කිරිමට පුරාවිද්‍යාව අවසර දුන්නේ කුමන පදනමකින්ද යන්න ප්‍රශ්නයකි.

8 වැනිදා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් දෙනම හා දියවඩන නිලමේ මෙන්ම අමන්ත අමරසුරිය නැමැති ව්‍යාපාරිකයා පැමිණ මහකරඩුව ඉවත්කර ව්‍යාපාරිකයාගේ කරඩුව එහි තැන්පත් කර ඇත. ඒ අවස්ථවේදි ව්‍යාපාරිකායට දළදාවද ප්‍රදර්ශනය කර තිබේ.

බෞද්ධ කොමසාරිස් ජනරාල් හා මහනුවර සහකාර කොමසාරිස්ද මෙම රහසිගත කරඬු මාරුවට සහභාගිවි තිබේ.

මේ දක්වා සිටි දියවඩන නිලමෙවරුන් මහ කරඩුවේ යතුර පණමෙන් රැකගත් අතර මින් ඉදිරියට මුදලාලි සවිකළ කරඬුවේ යතුර කරඬවුු නිරිමාණය කළ අය සතුවද තිබිය හැකිය. මෙය අනතතරුදායකය. නව කරඩුව සකසා ඇත්තෙ මුල්ගම්පල අයකු බවද දැනගන්නට ඇත. මෙය සිව්මහ දේවාලවල නිලමේලාටද හොරෙන් කළ රහසිගත මාරුවකි.

මේ සම්බන්ධයෙන් පුරාවිද්‍යා පනත අනුව මහනායක දෙනම හා දියවඩන නිලමේ අත්අඩංගුවට ගතයුතුබව සංවිධාන පවසයි.

  • රසික මුතුගල
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x