September 10, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

“ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ” – ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..

1 min read

මෙරටට පැමිණි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර අද (09) කොළඹ ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාව පිළිබඳව ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉන්දියාවේ ආරක්ෂක අභිලාෂයන්ට හානිකර වන කිසිදු ක්‍රියාකාරකමක් සඳහා ශ්‍රී ලංකා භූමිය භාවිත කිරීමට කිසිසේත්ම ඉඩ නොදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී අවධාරණය කළ බව ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය නිල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත.

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වූ ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං මහතා කොළඹදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවූ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව අවධාරණය කර තිබේ.

දෙරට අතර පවතින ඓතිහාසික සබඳතා සහ අන්‍යෝන්‍ය විශ්වාසය තවදුරටත් තහවුරු කරමින්, කලාපීය ආරක්ෂාව සහ සමෘද්ධිය සහතික කිරීම පිළිබඳව නායකයන් දෙපළ අතර මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සුබපැතුම් ජනාධිපතිවරයා වෙත පිරිනැමූ රාජ්නාත් සිං මහතා, ශ්‍රී ලංකාවේ සමීපතම මිතුරා සහ අසල්වැසියා ලෙස ඕනෑම හදිසි අවස්ථාවකදී පළමුව ප්‍රතිචාර දක්වන්නා ලෙස සහාය ලබා දීම ඉන්දියාවේ වගකීමක් ලෙස සලකන බවත්, එම සහයෝගය අනාගතයේදී ද අඛණ්ඩව ලබා දෙන බවත් අවධාරණය කළේය.

ජනප්‍රිය පුවත්  අත්අඩංගුවට ගත් හිටපු නාවික හමුදාපති අධිකරණයට රැගෙන එයි

මෑතකදී බලපෑ ‘දිට්වා’ සුළි කුණාටු ව්‍යසනයේදී “සාගර් බන්ධු” මෙහෙයුම යටතේ ඉන්දියාව ලබා දුන් හදිසි සහනාධාර සහ දිවයින පුරා යළි ගොඩනැඟීමේ කටයුතු වෙනුවෙන් නවදිල්ලියෙන් ලැබුණු පුළුල් පුනරුත්ථාපන පැකේජය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී සිය කෘතඥතාව පළ කර ඇත.

මෙම හමුවට සමගාමීව දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව ඉහළ නැංවෙන ප්‍රධාන අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබිණි. ඒ අනුව, ඉන්දීය රජයේ පූර්ණ ප්‍රදානයක් යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු ‘L70’ වර්ගයේ ගුවන් ආරක්ෂක තුවක්කු 6ක් උසස් තත්ත්වයට සංවර්ධනය කිරීමට එකඟත්වය පළ විය. මීට පෙරද ඉන්දියාව විසින් පරිත්‍යාග කර තිබූ මෙම ගුවන් ආරක්ෂක පද්ධති නවීකරණය කිරීම හරහා මෙරට උපායමාර්ගික ස්ථානවල ආරක්ෂාව සැලකිය යුතු ලෙස ශක්තිමත් කෙරෙනු ඇත.

ඊට අමතරව, දෙරටේ ජාතික ආරක්ෂක විද්‍යාල අතර අධ්‍යයන ක්ෂේත්‍රයේ දැනුම හුවමාරු කර ගැනීමේ අවබෝධතා ගිවිසුමකට මෙන්ම, ජාතික ශිෂ්‍යභට බලකායන් අතර වාර්ෂික තරුණ හුවමාරු වැඩසටහන් විධිමත් කෙරෙන නව ගිවිසුමකට ද එළැඹිණි. එමෙන්ම, ඉන්දීය ආරක්ෂක හමුදාවන් විසින් ඉදිකරන ලද ‘බේලි’ වර්ගයේ පාලම් තුනක් අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ විවෘත කිරීම ද නායකයන් දෙපළගේ ප්‍රධානත්වයෙන් මෙහිදී සිදුවිය.

ජනප්‍රිය පුවත්  ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍ර ප්‍රමිතිය ගැන ප්‍රශ්නයක්…! – මුජිබුර් රහුමාන්

40

SHARES
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x