AI තාක්ෂණයේ වර්ධනයත් සමග චීනයේ තරුණ රැකියා වියුක්තිය වාර්තාගත ලෙස ඉහළට
1 min read
කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණයේ සීඝ්‍ර වර්ධනය හේතුවෙන් දැඩි පීඩනයකට ලක්ව ඇති චීන ශ්‍රම වෙළඳපොළ හමුවේ, රැකියා සොයා ගැනීමට නොහැකිව වාර්තාගත විශ්වවිද්‍යාල උපාධිධාරීන් පිරිසක් දැඩි අර්බුදයකට මුහුණ දී සිටින බව වාර්තා වේ.
මෙහි සෘජු බලපෑමක් ලෙස පසුගිය මාසයේදී චීනයේ නාගරික තරුණ රැකියා වියුක්ති අනුපාතය තවදුරටත් ඉහළ ගොස් තිබේ.
චීන ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය විසින් නිකුත් කරන ලද නවතම දත්ත වාර්තාවලට අනුව, අධ්‍යාපනය ලබන සිසුන් හැර වයස අවුරුදු 16 ත් 24 ත් අතර තරුණ තරුණියන්ගේ රැකියා වියුක්ති අනුපාතය ජූලි මාසයේ පැවති සියයට 17.9 සිට අගෝස්තු මාසයේදී සියයට 18.9 දක්වා ඉහළ ගොස් ඇත. අගෝස්තු මාසයේ සටහන් වූ මෙම සියයට 18.9 ක අනුපාතය, සංශෝධිත ක්‍රමවේදය හඳුන්වා දීමෙන් පසු වාර්තා වූ ඉහළම රැකියා වියුක්ති අගයන්ගෙන් එකක් ලෙස සැලකේ.
