මත්ද්‍රව්‍ය තොගයක් සහිත යාත්‍රාවක් නාවික හමුදා භාරයට
1 min read
නාවික හමුදාව විසින් උතුරු වෙරළේ සිදුකළ මෙහෙයුමකදී මත්ද්‍රව්‍ය තොගයක් සිය භාරයට ගැනීමට සමත්ව තිබේ.
අද (27) අලුයම යාපනය මාදගල්, කුසුමන්තුරෙයි වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙම මත්ද්‍රව්‍ය තොගය හසුකර ගැනීමට නාවික හමුදාව සමත්ව ඇත.
එහිදී සැකපිට එක් සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමට යොදා ගත් බවට සැකකරෙන යාත්‍රාවක්ද නාවික හමුදා භාරයට ගෙන තිබේ.
උතුරු නාවික විධානයට අයත් අංශ සහ ශ්‍රී ලංකා නාවික නෞකා අග්බෝ ආයතනයේ කාර්ය මණ්ඩලය විසින් මෙම මෙහෙයුම අද සිදුකර ඇත.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධයෙන් මේ වන විට නාවික හමුදාව පරීක්ෂණ පවත්වන බවද සඳහන් වේ.
