October 19, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

1 min read

ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

මෙම නිවේදනය අද (17) පෙ.ව. 11.30ට නිකුත් කර ඇති අතර එය ප.ව. 11.30 දක්වා වලංගු වේ.

ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, උතුරු – මැද, නැගෙනහිර සහ ඌව පළාත් සහ මුලතිව් දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී.

එමෙන්ම ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බැවින් අකුණු හා සුළං මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x