November 7, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පැය කිහිපයකදී කොළඹට මිලිමීටර් 129ක වර්ෂාපතනයක්..

1 min read

ඊයේ (06) පස්වරුවේ ලැබුණු අධික වර්ෂාව හේතුවෙන් කොළඹ නගර සභා බලප්‍රදේශයට මිලිමීටර් 129ක වර්ෂාපතනයක් වාර්තා වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

පැය කිහිපයක් වැනි කෙටි කාලයක් තුළ මෙම තද වර්ෂාපතනය ඇදහැලී ඇති අතර, ඒ හේතුවෙන් කොළඹ සහ ඒ අවට පහත්බිම් රැසක් ජලයෙන් යටවී තිබේ.

අධික වැසි සමග මාර්ග කිහිපයක හටගත් ජලගැලීම් හේතුවෙන් කොළඹ ප්‍රධාන මාර්ග කිහිපයකම ගමනාගමන කටයුතුවලට දැඩි බාධා එල්ල වූ අතර, දැඩි රථවාහන තදබදයක්ද හටගෙන තිබූ බවටයි වාර්තා වෙන්නේ.

මේ අතර කොළඹ ප්‍රදේශයට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ද පීඩා එල්ල වී ඇත.

මේ නිසා ජාතික රෝහලේ ඇතැම් කටයුතුවලට බාධා වී ඇති බවටයි වාර්තා වෙන්නේ.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x