October 28, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

චීනයේ නාවික ක්‍රියාකාරකම් හමුවේ තායිවානය, ජපානය සහ පිලිපීනයට අනතුරු ඇඟවීමක්

1 min read

තම තමන්ගේ ජාතික අභිලාෂයන් ආරක්ෂා කරගැනීමට තායිවානය, ජපානය සහ පිලිපීනය යන රටවල් තුනම දැඩි අවධානයෙන් පසුවිය යුතු බව ජපන් විශේෂඥවරියක් සිදුකළ ප්‍රකාශයක් උපුටා දක්වමින් තායිවාන මාධ්‍ය වාර්තා කර තිබේ.

තායිවානයට නැගෙනහිරින් පිහිටි මුහුදු සීමාව තුළ චීන නාවික කටයුතු ව්‍යාප්ත කිරීමට චීනය දරන උත්සාහය පිළිබඳව අදහස් දක්වමින් ඇය මේ බව පවසා ඇත.

එහි වැඩිදුරටත් දැක්වෙන්නේ, බීජිං පාලනාධිකාරියේ සැබෑ අරමුණු නිවැරදිව තක්සේරු කිරීමට මෙම රටවල් 3ම සහයෝගයෙන් කටයුතු කළ යුතු බවය.

තායිවානය සහ ජපානය අතර දැනට පවතින්නේ මන්දගාමී සහයෝගීතාවකි.

කෙසේවෙතත් ජපන් අගමැතිනි සනයි තකයිචිගේ රජය යටතේ නාවික ආරක්ෂක ගැටලු කෙරෙහි දක්වන අවධානය යම් තරමක මන්දගාමී වී ඇති බවද අදාළ වාර්තාවේ දැක්වෙයි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x