October 28, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

PHP ආරක්ෂක දුර්වලතා හේතුවෙන් වෙබ් අඩවි රැසක් තාවකාලිකව වසා දමයි..

1 min read

අන්තර්ජාලයේ වෙබ් අඩවි විශාල ප්‍රමාණයකට බලපෑ හැකි PHP ක්‍රමලේඛන භාෂාවේ බරපතළ ආරක්ෂක දුර්වලතා දෙකක් හඳුනාගැනීමෙන් පසු, ලොව රටවල් රැසක ආයතන තම වෙබ් අඩවි තාවකාලිකව අක්‍රිය කර ඇත.

PHP Foundation විසින් මෙම දුර්වලතා සඳහා යාවත්කාලීනයක් නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කෙසේ වෙතත්, යාවත්කාලීනය වහාම යෙදිය නොහැකි ආයතනවලට, පද්ධති ආරක්ෂිත වනතුරු වෙබ් අඩවි අක්‍රිය කර තබන ලෙස සයිබර් ආරක්ෂක ආයතන නිර්දේශ කර තිබේ.

ෆින්ලන්ත රජයේ පොදු වෙබ් සේවා සහ නෙදර්ලන්තයේ සයිබර් ආරක්ෂක ආයතනයේ වෙබ් අඩවිය තාවකාලිකව වසා දමා ඇති අතර, එඩින්බරෝ නගර සභාවේ වෙබ් අඩවිය සහ විකිපීඩියාවේ ඇතැම් සේවා ද පරිශීලකයන්ට තාවකාලිකව ප්‍රවේශ විය නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

බීබීසී වැඩසටහන් කිහිපයක වෙබ් අඩවි ද අක්‍රිය වී ඇතත්, ඒවා PHP දුර්වලතා සමග සම්බන්ධ බව තහවුරු කර නොමැති බව සඳහන්.

අමෙරිකානු ජාතික ආරක්ෂක ඒජන්සිය (NSA), බ්‍රිතාන්‍යයේ ජාතික සයිබර් ආරක්ෂක මධ්‍යස්ථානය (NCSC) සහ යුරෝපා සංගමයේ සයිබර් ආරක්ෂක බලධාරීන් ද PHP භාවිත කරන ආයතනවලට වහාම ආරක්ෂක යාවත්කාලීන යොදන ලෙස දැනුම් දී තිබේ.

ජනප්‍රිය පුවත්  ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රිකයා පොන්ඩිචෙරිහි මැතිවරණයේ ප්‍රචාරක වැඩවල! මාලිමාව රාජ්‍ය තාන්ත්‍රික සබඳතා උල්ලංඝනය කරයි!

මෙම දුර්වලතා මගින් අනවසරයෙන් පද්ධති වෙත ප්‍රවේශ වී සේවාදායකයේ ගොනු හෝ දත්ත වෙත ළඟාවීමටත්, අනිෂ්ට මෘදුකාංග ස්ථාපනය කිරීමටත් හැකියාව ලැබිය හැකි බව විශේෂඥයෝ පවසයි.

CERT-EU ආයතනය සඳහන් කර ඇත්තේ, අවදානම් තක්සේරු මගින් පරිශීලක අවසරයකින් තොරව දුරස්ථව කේත ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් පෙන්නුම් කරන බවයි.

සයිබර් ආරක්ෂක සමාගම් වන Calif සහ Wiz හි පර්යේෂකයන් මෙම දුර්වලතා හඳුනාගෙන ඇති බව සඳහන්.

ඒ සඳහා OpenAI ආරම්භ කළ “Patch the Planet” වැඩසටහන යටතේ උසස් කෘත්‍රිම බුද්ධි මෙවලම් භාවිත කර තිබේ.

දුර්වලතා දශකයකට වැඩි කාලයක් හඳුනා නොගෙන පැවති බවත්, අන්තර්ජාලයේ සියයට 70ක් පමණ බලපෑමට ලක්විය හැකි බවට Wiz ඇස්තමේන්තු කර ඇති නමුත්, එම ප්‍රතිශතය ස්වාධීනව තහවුරු කර නොමැති බවත්, වාර්තාවේ දැක්වෙන බව සඳහන්.

PHP Foundation නවතම PHP සංස්කරණ සඳහා පමණක් යාවත්කාලීන නිකුත් කර ඇති බැවින්, PHP 8.1 හෝ ඊට පෙර සංස්කරණ භාවිත කරන අය නවතම අනුවාදයකට යාවත්කාලීන කරන ලෙස උපදෙස් දී තිබේ.

PHP යනු WordPress, Drupal සහ Joomla වැනි වෙබ් අඩවි පද්ධති ඇතුළු බොහෝ සේවාදායක සහ වෙබ් යෙදුම් සඳහා භාවිත වන ක්‍රමලේඛන භාෂාවකි.

ජනප්‍රිය පුවත්  හෝටලයක මුවාවෙන් කළපුව ගිලින කටුනායක ‘මෙල්වා’ සිමෙන්ති ජාවාරම!

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x