October 28, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

හෝමාගම පොලිසිය තරුණයෙක් ට පහරදී ඝාතනය කරලා…! – ඥාතීන්ගෙන් පොලීසිය ට චෝදනා

1 min read

හෝමාගම මූලස්ථාන පොලිසියේ අත්අඩංගුවේ සිටි 29 හැවිරිදි තරුණයෙකු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුගේ ඥාතීන් පොලිස් නිලධාරීන්ට පහරදීමේ චෝදනා එල්ල කර තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ කිරිවත්තුඩුව, මුනමලේවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි එක්දරු පියෙකු වන ෆැන්සිස් දුරගේ ඉෂාර හර්ෂ කුමාර නම් තරුණයෙකි.

හෝමාගම පොලිසිය පවසන්නේ මොහු සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 490ක ප්‍රමාණයක් තිබූ බැවින් මොහු අත්අඩංගුවට ගත් බවයි.

ඥාතීන් පවසන පරිදි, ඔහු අද (25) අලුයම් කාලයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන සිර මැදිරියේ රඳවා සිටියදී මෙම මරණය සිදුව තිබේ.

අද උදෑසන තරුණයාගේ සුවදුක් බැලීම සඳහා ඥාතීන් හෝමාගම මූලස්ථාන පොලිසියට ගොස් ඇති අතර, එහිදී අපරාධ විමර්ශන අංශයේ රඳවා සිටි ඔහු පොලිස් නිලධාරීන් සිව්දෙනෙකු විසින් ඔසවාගෙන පැමිණි බව ඔවුහු පවසති.

එම අවස්ථාවේදී තරුණයාට පහරදී තිබූ බව ද ඥාතීන් චෝදනා කරති.

පසුව පොලිස් සිර මැදිරියේ වැතිර සිටි තරුණයා ඥාතීන්ගේ ඉල්ලීම මත හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමට පොලිසිය කටයුතු කර තිබේ.

එහෙත් රෝහලට රැගෙන යන අවස්ථාව වන විටත් ඔහු මියගොස් සිටි බව ඥාතීන් පවසති.

ජනප්‍රිය පුවත්  තනිකඩයින්ට සහකරුවන් සොයාදෙන දකුණු කොරියාවේ පන්සල

තම ඥාතියාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණය ඉටු කරන ලෙස ඉල්ලා සිටින පවුලේ සාමාජිකයන් හෝමාගම මූලික රෝහල් භූමියේදී කලබලකාරී ලෙස හැසිරීමත් සමඟ එහි උණුසුම් තත්ත්වයක් හටගෙන ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x