September 11, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..

1 min read

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.

ඉන්දියාවට පැමිණි පුටින් ජනාධිපතිවරයා විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය කීර්ති වර්ධන් සිං විසින් පිළිගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

මෙවර ප්‍රධාන BRICS සමුළුව හෙට (12) සහ අනිද්දා 13 යන දෙදින නවදිල්ලියේදී පැවැත්වීමට නියමිතව ඇත.

පුටින්ගේ ඉන්දීය සංචාරය අතරතුර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග අද (11) ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර, BRICS ව්‍යාපාරික සංසදයේ ප්‍රධාන සැසිවාරයටද ඔහු සහභාගී වීමට නියමිතයි.

රුසියානු ක්‍රෙම්ලිනය සඳහන් කරන්නේ, BRICS සංවිධානයේ 20 වැනි සංවත්සරය සමරන පසුබිමක ජනපති පුටින් ඉන්දියාවේ සංචාරයක නිරත වන බවයි.

අද පැවැත්වෙන සාකච්ඡාවලදී වෙළෙඳ සහයෝගීතාව, දේශසීමා හරහා ගෙවීම් ක්‍රමවේද, බලශක්ති ආරක්ෂාව සහ නැගෙනහිර යුරෝපයේ හා බටහිර ආසියාවේ පවතින භූ දේශපාලනික තත්ත්වයන් සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එමෙන්ම ජනපති පුටින් අද BRICS ව්‍යාපාරික සංසදයේ ප්‍රධාන සැසිවාරය අමතන අතර, අගමැති මෝදි සමග INNOPROM ප්‍රදර්ශනය නැරඹීමටද නියමිතය.

ජනප්‍රිය පුවත්  තායිලන්ත වීසා සහනය ශ්‍රී ලංකාවට අහිමි වෙයි..!

ජනපති පුටින් අද මැලේසියානු අග්‍රාමාත්‍ය අන්වර් ඉබ්‍රාහිම්, BRICS නව සංවර්ධන බැංකුවේ ප්‍රධානී දිල්මා රූසෙෆ් සහ දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමෆෝසා හමුවීමටද නියමිත බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා එල්-සිසි සමඟද අද හමුවක් පැවැත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා සිදුවෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

එමෙන්ම හෙට ඉතියෝපියානු අග්‍රාමාත්‍ය අබි අහමඩ් සමඟද පුටින් සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්.

විදෙස් මාධ්‍ය වාර්තා අනුව, මෙවර BRICS සමුළුවේදී ගෝලීය සැපයුම්දාම ශක්තිමත් කිරීම, දේශසීමා හරහා ගෙවීම් ඒකාබද්ධ කිරීම, ජාතික මුදල් ඒකක භාවිතය ඉහළ නැංවීම, ඩිජිටල් වෙළෙඳාම සහ කෘත්‍රිම බුද්ධිය ඇතුළු කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිතව තිබේ.

බලශක්ති ආරක්ෂාව, දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීම, සංවර්ධන මූල්‍යකරණය, BRICS නව සංවර්ධන බැංකුව පුළුල් කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය හා දේශපාලන ආයතන ප්‍රතිසංස්කරණය කිරීමද සමුළුවේදී සාකච්ඡා කිරීමට නියමිත බව සඳහන්.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x