September 21, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

වත්මන් ආණ්ඩුව ජවිපෙ ඒකාධිපති පොල්පොට්වාදී පාලනයක් කරා ගමන් කරනවා…! – විමල් වීරවංශ

1 min read

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව ස්වාධීන අධිකරණය, රාජ්‍ය පරිපාලන සේවය, පොලීසිය වැනි ආයතන ජවිපෙකරණයට ලක්කරමින් ඒකාධිපති පොල්පොට්වාදී පාලනයක් කරා ගමන් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

“වර්තමාන පාලනයට තුනෙන් දෙක පාර්ලිමේන්තු බලයත් ලැබිලා තියෙනවා, විධායක බලයත් ලැබිලා තියෙනවා. ඒ කියන්නෙ ආණ්ඩුවකට ලැබෙන්න ඕනෙ මහජනයා විසින් දෙන්න ඕනෙ සියල්ල දීලා තියෙනවා. මේ සියලු බලයත් ලැබිලා අද ඔවුන් ප්‍රකාශයට පත්කරනවා හැමවෙලේම අපට රාජ්‍ය බලය තවම ලැබුණෙ නෑ කියලා. මේ ලැබිලා නෑ කියලා කංකෙඳිරි ගාන රාජ්‍ය බලය කියන්නෙ මොකක්ද ? ස්වාධීන අධිකරණයක් වෙනුවට තමන්ගෙ පදයට නටන අධිකරණයක් ඇතිකරගැනීම, ස්වාධීන පරිපාලන සේවයක් වෙනුවට තමන්ගෙ පදයට නටන රාජ්‍ය පරිපාලන සේවයක් අතිකරගැනීම. ඒක රටේ නීතිරීති වලට අනුකූලද නැද්ද වැදගත් නෑ. පොලීසියත් දැන් උඩ මට්ටමින් හදාගෙන. ඒ ආයතනවල පාලනය ජවිපෙකරණයට ලක්කරමින් විරුද්ධ පක්ෂයේ තියෙන අභියෝගාත්මක සියලු සාධක, සියලු චරිත දේශපාලන පිටියෙන් ඉවතට වීසිකරන එක. ඒ රාජ්‍ය බලය ඔවුන් අත්පත් කරගත්තාට පස්සෙ ගොවියා නෙවෙයි තීරණය කරන්නෙ වගා කරන්නෙ මොන බීජද කියන එක. ඒකට එනවා උඩින් නියෝගය. වැඩකරන ජනතාව ඔවුන්ගේ අයිතිවාසිකම් නැතිවෙනවා. ඒකාධිපති පොල්පොට්වාදී පාලනයක පැවැත්ම කරා තමයි මේ ගමන් කරමින් සිටින්නේ”

ජනප්‍රිය පුවත්  ඉන්දියාවේ අභ්‍යන්තර ගුවන් ගමන් රැසක් අවලංගු කරයි

විමල් වීරවංශ මහතා මේ බව පැවසුවේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ විසින් ඒකාබද්ධ ප්‍රකාශයක් අත්සන් තැබීමෙන් අනතුරුව පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x