October 8, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ඉදිරි උත්සව සමයේදී කුකුළු මස් සහ බිත්තර අඩුවීමේ අවදානමක්

1 min read

සත්ව ආහාර සඳහා බඩඉරිඟු ප්‍රමාණවත් පරිදි නොමැතිවීම හේතුවෙන් ඉදිරි දෙසැම්බර් සහ ලබන වසරේ (2027) අප්‍රේල් උත්සව සමයේදී කුකුළු මස් සහ බිත්තර නිෂ්පාදනය අඩුවීමේ අවදානමක් ඇතැයි සමස්ත ලංකා සත්ව නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති අජිත් එච්. ගුණසේකර පැවසීය.

මැද පෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බඩඉරිඟු මිල ගණන් ඉහළ ගොස් තිබෙන බවත් මේ වනවිට දේශීය සහල් මිල ගණන් ද ක්‍රමයෙන් ඉහළ යමින් ඇති බවත් ඔහු කීවේය. ඒ අනුව මේ වනවිට දේශීය වෙළෙඳපොළේ බඩඉරිඟු කිලෝ ග්‍රෑමයක මිලද රුපියල් 200ක් දක්වා වැඩිවී ඇතැයි ද සභාපතිවරයා සඳහන් කළේය.

මෙම තත්ත්වය යටතේ සත්ව ආහාර සඳහා කඩිනමින් බඩඉරිඟු ආනයනය කිරීමට කටයුතු නොකළහොත් බිත්තර සහ කුකුළු මස් නිෂ්පාදනය කිරීමේදී අර්බුදකාරී තත්ත්වයක් මතුවනු ඇතැයි ද ඔහු කියා සිටියේය.

සහල්වලින් නිපදවන ලද සත්ව ආහාරවලින් ලැබෙන ඵලදායිතාවය අඩු බවද එමනිසා මව් සතුන් දමන බිත්තර ප්‍රමාණය අඩුවී තිබෙන බවද ඔහු කීවේය. බිත්තර ප්‍රමාණය අඩුවූ විට පැටවුන් ප්‍රමාණය ද අඩුවන බවත් එමගින් කුකුළු කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල කරන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

ජනප්‍රිය පුවත්  නව අභියාචනාධිකරණ විනිසුරු ලෙස සජීවනි දිල්කා ලක්මාලි දිවුරුම් දෙයි

මේ වනවිට ගොවිපොළෙන් වෙළෙඳපොළට බිත්තරයක් රුපියල් 30කට නිකුත් කරන බවද ඔහු කීවේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x