October 10, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ජනතාව සතයක් නොගෙන හැදූ සූර්ය බලය මාලිමා ආණ්ඩුව ව්‍යාපාරිකයින්ට විකුණලා.. – පුබුදු ජයගොඩ

1 min read

රටේ ජනතාව රජයෙන් සතයක්වත් නොගෙන තමන්ගේ පුද්ගලික මුදලින් තමන්ගේ නිවෙස්වල සූර්ය පැනල නිවෙස් එක්ලක්ෂ පනස්දාහක සවිකර ඇති බවත්, එමගින් ජනතාව ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 600ක දාරිතාවක් එකතුකර ඇති බවත් රුපියල් 23ට යුනිට් එක දෙන විට මාලිමා රජය එයට වලකපා රුපියල් 100ක් දී ඩීසල්වලින් විදුලිය නිෂ්පාදනය කිරීම සහ රුපියල් 75ක් දී ගල් අඟුරුවලින් විදුලිය නිෂ්පාදනය කිරීම සිදුකරන්නේ මක්නිසාදැයි හෙළිකළ යුතු බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

නිර්ප්‍රභූ යැයි කියාගන්නා ආණ්ඩුව නිර්ප්‍රභූන්ගෙන් මෙම විදුලි බල පද්ධතිය උදුරාගෙන ප්‍රභූන්ට ලබාදුන්නේ මන්දැයි හෙළිකළ යුතු බවත්, කොම්පැනි වලට බදු සහන දී පොළව මත සවිකරන සූර්ය පැනල මගින් මේ වන විට ජාතික විදුලි බල පද්ධතියට ලැබෙන්නේ මෙගාවොට් 570ක් පමණක් බවත් ඒ මහතා සඳහන් කරයි.

වීඩියෝව නරඹන්න..

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x