වැලිකඩ සිටින නාමල්ගෙන් ජනපති අනුරට ලිපියක්..
1 min read
ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය මඟින් පොරොන්දු වූ පරිදි රැකියා විරහිත උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීම සඳහා එළැඹෙන අයවැයෙන් අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.
ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමු කරමින් මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ, 2024 ජනාධිපතිවරණ සමයේදී ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කළ “පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ රැකියා විරහිත උපාධිධාරීන් සම්බන්ධයෙන් විශේෂ යෝජනා කිහිපයක් ඇතුළත්ව තිබූ බවයි.
ඒ අනුව, ගුරු සේවය සඳහා 20,000 ක්, තොරතුරු තාක්ෂණ (IT) ක්ෂේත්‍රය සඳහා STEM සහ STEM නොවන උපාධිධාරීන් 12,000 ක් මෙන්ම ආදායම් බදු, රේගු, විදේශ සේවා සහ සංචාරක ක්ෂේත්‍ර සඳහා තවත් උපාධිධාරීන් 3,000 ක් වශයෙන් රැකියා ලබාදීමට එමඟින් පොරොන්දු වී තිබූ බව නාමල් රාජපක්ෂ මහතා සිහිපත් කරයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී 2005, 2011 සහ 2012 යන වර්ෂවලදී උපාධිධාරීන්ට රැකියා ලබාදීම, සංවර්ධන නිලධාරී සේවයට බඳවා ගැනීම සහ පුහුණුලාභීන් ස්ථිර රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කිරීම වැනි පූර්වාදර්ශ රැසක් රට තුළ ක්‍රියාත්මක වූ බව ද මන්ත්‍රීවරයා සිය ලිපිය මඟින් පෙන්වා දී තිබේ.
එම අතීත පූර්වාදර්ශ සැලකිල්ලට ගනිමින්, දැනට රැකියා විරහිතව පසුවන සියලුම උපාධිධාරීන් වෙත රැකියා අවස්ථා කඩිනමින් ලබාදීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන වෙන් කිරීමටත්, පැහැදිලි කාලසීමාවක් තුළ එම පොරොන්දු ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ නිශ්චිත වැඩපිළිවෙළක් සකස් කරන ලෙසත් නාමල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

