October 28, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

රාජාංගනය ජලා‍ශයේ වාන් දොරටු අටක් විවෘත කෙරේ

1 min read

පවතින අධික වර්ෂාව හේතුවෙන් රාජාංගනය ජලාශ‍යේ වාන් දොරටු තිහෙන් වාන් දොරටු අටක් විවෘත කර ඇති බව සඳහන් වෙයි.

ඉන් තප්පරයට ගණ අඩි 7,884ක ජලධාරිතාවක් කලාඔයට මුදවා හැරේ.

මේ අතර, ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට තව දුරටත් ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් එම ජලාශයේ එක් වාන් දොරටුවක් තවදුරටත් විවෘත කර ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පැවසීය.

එම ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ දින ඇදහැලුණු අධික වර්ෂාව සමග අද අලුයම තෙක් ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර තිබූ බවත්, ඉන් එක් වාන් දොරටුවක් (22) අලුයම ස්වයංක්‍රීයව වැසී ගිය බවත්, තවදුරටත් එම ජල පෝෂක ප්‍රදේශවලට තද වැසි පතිත වුවහොත් ජලාශයේ සෙසු වාන් දොරටු ස්වංක්‍රීයව විවෘත වන නිසා ජලාශ වේල්ලට පහළින් කොත්මලාඔයේ දෙපස පදිංචිකරුවන් සැලකිලිමත්ව සිටින ලෙස එම ජලාශභාර ඉංජිනේරුවන් ඉල්ලා සිටියි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x