October 31, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

දිස්ත්‍රික්ක 6ක සූකර උණ පැතිරිලා

1 min read

අප්‍රිකානු සූකර උණ වයිරස මෙරට තුළ සීග්‍රයෙන් පැතිර ඇති බවත්, සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මෙරට ප්‍රධාන පෙළේ ගොවිපොළ 48 ක් පරීක්ෂාවට ලක්කළ පසු එම සෑම ගොවි​ෙපාළකදීම සූකර උණ වැලඳුණ සත්ත්වයන් හමුවූ බව ප්‍රධාන වසංගත රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් කුමාරවඩු හෙළි කරයි.

කොළඹ, ගම්පහ, කළුතර, අනුරාධපුර, මහනුවර, පුත්තලම දිස්ත්‍රික්කවල අප්‍රිකානු සූකර උණ සීග්‍රයෙන් පැතිර යන බවද සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ප්‍රධාන පෙළේ ගොවිපොළ 48 ක සිටි සතුන් 1200 ක් පරීක්ෂාවට ලක් කළ අතර ඉන් බොහෝ සතුන්ට රෝග කාරක තිබෙන බවට තහවුරුවූ බවද වි​ශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ පශු සම්පත් සැලසුම් සහ පශු සම්පත් අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර පියසිරි සඳහන් කළේ සූකර උණ වයිරස් රෝගයක් බවයි.

මෙම වයිරසය වැලඳුණ සතුන් සියයට සියයක්ම මියයන බවත් ඒ හේතුවෙන් ආර්ථිකයට විශාල හානියක් සිදුවිය හැකි බවත් ඔහු පෙන්වා දුන්නේය.

තවද ඇඳුම්, බූට්ස්, උපකරණ, වාහනවල රෝද සහ මිනිස් ක්‍රියාකාරකම් හරහා මෙම වයිරසය රටපුරා සීග්‍රයෙන් පැතිර යන බවද මෙම වයිරසය පරිසරයේ විශාල කාලයක් පවතින බවද හෙතෙම සඳහන් කළේය.

ජනප්‍රිය පුවත්  විනිසුරුවරුන්ගේ කාලය දීර්ඝ කිරීම පිළිබඳ කාදිනල් හිමි දැනුම්වත් කෙරේ

රෝගය පැතිර යාම, රෝගයේ පවතින තත්ත්වය පිළිබඳව ගන්න පුළුවන් සියලු ක්‍රියාමාර්ග ගන්නා බවත් 2024 වසරේ අප්‍රිකානු සූකර උණ රෝගය සූකර කර්මාන්තයට විශාල හානියක් සිදුකළ බවත් කී ඒ මහතා එය වසංගතයක් බවට පත්වූ බවද පැවැසුවේය.

එමෙන්ම සූකර උණ සම්බන්ධව අනිසි බියක් ඇතිකර ගත යුතු නැති බවත් මෙය මිනිසාට වැලඳෙන රෝගයක් නොවන බවත් ඔහු පෙන්වා දුන්නේය.

ඌරු මස් පරිභෝජනය කිරීමට බියවිය යුතු නැති බවත් මෙම සූකර උණ වසංගතයක් බවට පත්වුවහොත් සූකර කර්මාන්තයට මෙන්ම ආර්ථිකයට ඉන් විශාල හානියක් සිදුවන නිසා මේ පිළිබඳ ගොවි මහත්වරු මෙන්ම ජනතාවද දැනුම්වත් කිරීමට තීරණය කළ බවත් වෛද්‍ය සිසිර පියසිරි කියා සිටියේය.

මෙරට පිහිටි ප්‍රධාන පෙළේ සූකර අභිජනන ගොවි පොළවල් තුනක් පරීක්ෂාවට ලක්ව ඇති අතර ඉන් එකක හැර අනෙක් දෙකේම සූකර උණ වයිසරය වැලඳුණ සත්ත්වයන් සිටි බවද මෙහිදී අනාවරණය වී තිබිණි.

කොළඹදී ඊයේ (29 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකදී මෙම තොරතුරු අනාවරණය කෙරිණි.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x