විශ්වවිද්‍යාල පද්ධතිය කඩාවැටීමේ අවදානමක්.. – FUTA වෙතින් රතු එළියක්
1 min read
මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය දැඩි අර්බුදයකට ලක්වෙමින් පවතින බවත්, එය අගාධයට ගමන් කරමින් තිබෙන බවත් විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය (FUTA) පවසයි.
එහි සභාපති මහාචාර්ය රුචික ප්‍රනාන්දු මහතා ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පෙන්වා දෙන්නේ පවතින තත්ත්වය හමුවේ ඉදිරියේදී විශ්වවිද්‍යාල වෙත පැමිණීමට කිසිවෙකුත් නොමැති තත්ත්වයක් නිර්මාණය විය හැකි බවයි.
එසේම, විශ්වවිද්‍යාල සඳහා තේරී පත්වන ළමයින්ට වසර එකහමාරක් තරම් දීර්ඝ කාලයක් ගෙදරට වී බලා සිටීමට සිදුවී ඇති බවත්, එමඟින් උසස් අධ්‍යාපන පද්ධතිය කෙරෙහි ඇති විශ්වාසය බිඳවැටෙමින් පවතින බවත් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින මෙම බරපතල ගැටලු සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය වහා යොමුවිය යුතු බවත් FUTA නියෝජිතයෝ වැඩිදුරටත් අවධාරණය කරති.
