“අද මේ පාලනය පිටුපසින් සිට මෙහෙයවන්නේ අබෞද්ධ කල්ලියක්.. පිරිතත් කෙටියෙන් කියන්න කිව්වලු..” – විමල් වීරවංශ
1 min read
‘අනුර නමින් ඩෙල්සි ඇවිත්’ යන මැයෙන් ජාතික නිදහස් පෙරමුණ සංවිධානය කළ දේශනයක් එම පක්ෂයේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් ඇඹිලිපිටියේ දී පැවැත්විණි.
එහිදී විමල් වීරවංශ මහතා පැවසුවේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දීමෙන් පසු ඉක්මනින් එතැනින් පිටවීමට සූදානම් වීමේදී එම ස්ථානයේ සිටි මහාචාර්ය පූජ්‍ය අත්තන්ගනේ රතනපාල නායක හිමියන් ජනාධිපතිවරයාගේ අතින් අල්ලා නවත්වා පිරිත් ටිකක් කිවයුතු බව පැවසූ බවත්, එහිදී ජනාධිපතිවරයා අකමැත්තෙන් වුවද නතර වූ පසු ජනාධිපතිවරයාගේ ලේකම්වයෙක් එම හාමුදුරුවන්ට ‘හාමුදුරුවනේ කෙටියෙන් කියන්න’ යැයි පැවසූ බවත් එහිදී කෝපයට පත්වූ එම හිමියන් පිරිත් කෙටියෙන් කියන්නේ කෙසේ දැයි ඇසූ බවත් සඳහන් කළේය.
ඉන්පසුව පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කිරීමේ උත්සවය පැවැත්වුණු බවත් එහිදී ජයමංගල ගාථා නොපැවැත්වූ බවත් සඳහන් කරන විමල් වීරවංශ මහතා මෙම සම්ප්‍රදායන් ට මෙම පිරිස කැමැත්තක් නොදක්වන පිරිසක් බවත් සඳහන් කරයි.
මෙම පාලනය පිටුපස සිටිමින් මෙහෙයවන්නේ බෞද්ධ විරෝධී කල්ලියක් බවත් ඔහු මෙහිදී සඳහන් කළේය.
