අරාබි පක්ෂ සමඟ සන්ධාන නෑ – නෙතන්යාහු සහ අයිසන්කොට්ගෙන් තීරණයක්
1 min read
ඊශ්‍රායල පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු, අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ විපක්ෂ නායක ගාඩි අයිසන්කොට් යන දෙදෙනාම අරාබි පක්ෂවල සහයෝගය ඇතිව රජයක් පිහිටුවීම ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කර තිබෙනවා.
මේ අතර නිශ්චිත ජයග්‍රාහකයෙකු මෙතෙක් පත් නොවීමත් සමග, බෙන්ජමින් නෙතන්යාහු තවදුරටත් භාරකාර අගමැතිවරයා ලෙස කටයුතු කරනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.
ඊයේ වන විට ඡන්දවලින් 86%කට ආසන්න ප්‍රමාණයක් ගණන් කර තිබූ අතර, ඊශ්‍රායලයේ ප්‍රධාන රූපවාහිනී නාලිකා තුනක් වාර්තා කර ඇත්තේ නෙතන්යාහුගේ පක්ෂ සන්ධානයට ආසන 120කින් 53ක් හිමිවනු ඇති බවයි.
ගාඩි අයිසන්කොට්ගේ නායකත්වයෙන් යුතු විපක්ෂ කණ්ඩායමට ආසන 48ක් හිමිවනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.
අරාබි ඊශ්‍රායල පුරවැසියන් නියෝජනය කරන පක්ෂවලට වාර්තාගත ආසන 19ක් හිමිවනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.
