ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. – දයාසිරිගෙන් හෙළිදරව්වක්..
1 min read
ශ්රී ලංකන් ගුවන් සේවයේ පරිගණක පද්ධති වෙත සයිබර් ප්රහාරයක් එල්ල කළ හැකර්වරුන් විසින් ක්රිප්ටෝ මුදලින් ඇමෙරිකානු ඩොලර් 50,000ක කප්පම් මුදලක් ඉල්ලා සිටි බවත්, ජාතික ගුවන් සේවය තවදුරටත් මෙවැනි සයිබර් ප්රහාර හමුවේ අවදානම් තත්ත්වයක පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර චෝදනා කරයි.
පාර්ලිමේන්තුව අමතමින් මන්ත්රීවරයා කියා සිටියේ, 2026 ජූනි මාසයේදී ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට මෙම ප්රහාරය එල්ල වී ඇති අතර, ඉන් අනතුරුව ප්රහාරයේ වගකීම භාරගන්නා බවට හැකර්වරුන් ‘ඩාර්ක් වෙබ්’ අඩවි හරහා ප්රකාශ කර ඇති බවයි.
හැකර්වරුන් විසින් ගුවන් සේවා පද්ධතිවල පාලනය තමන් සතු කරගත් බව පවසමින් වීඩියෝවක් පවා නිකුත් කර තිබූ බවත්, එහිදී ඔවුන් ක්රිප්ටෝ මුදලින් ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලා සිටි බවත් මන්ත්රීවරයා සඳහන් කළේය.
ගුවන් සේවයේ විද්යුත් තැපැල් (ඊමේල්) පද්ධති පවා මෙලෙස අනවසරයෙන් ඇතුළු වීමකට ලක්ව ඇති බවත්, එමගින් ආයතනයේ ඩිජිටල් යටිතල පහසුකම්වල ආරක්ෂාව පිළිබඳව බරපතල ගැටලු මතුවන බවත් මන්ත්රීවරයා කියා සිටියේය.
මෙම ප්රහාරයෙන් පසුව ගුවන් සේවයේ ඊමේල් ආරක්ෂණ පද්ධතියේ ගැටලු මතුවූ බව පැවසූ ඔහු, මෙම සයිබර් ප්රහාරය ජාතික ගුවන් සේවයේ මෙහෙයුම් කටයුතුවලට බරපතල බලපෑමක් එල්ල කළ හැකි බවට ද අනතුරු ඇඟවීය.
“තවමත් මේ පද්ධතිය තියෙන්නේ හැකර්වරුන්ගේ අතේ. ඕනෑම වෙලාවක ඔවුන්ට ඒක අක්රිය කරන්න පුළුවන්,” යනුවෙන් ද ඔහු වැඩිදුරටත් පැවසීය.
