November 6, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ගල් අඟුරු කොමිෂම චම්පිකගෙන් ප්‍රකාශයක් ගනියි

1 min read

බලශක්ති හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගෙන් ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ජනාධිපති කොමිෂන් සභාව ඊයේ (04) ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහක් කර ගෙන තිබේ.

කොමිසමෙන් කෙරුණු දැනුම් දීමක් අනුව රණවක මහතා ඊයේ පස්වරැවේ එහි පෙනී සිටියේය.

විවිධ චෝදනා සම්බන්ධයෙන් ගල්අඟුරු කොමිෂන් සභාවෙන් රණවක මහතාට පසුගියදා නොතීසී නිකුත් කර තිබිණි.

ඔහුගෙන් මෙසේ ප්‍රකාශයක් සටහන් කර ගැනුණේ ඒ අනුව බව එහි ආරංචි මාර්ග සදහන් කළේය.

චම්පික රණවක මහතා බලශක්ති අමාත්‍ය ධූරයෙහි 2010 අප්‍රියේල් මස 23 සිට 2013 ජනවාරි 28 දක්වාද ඉන් පසු මෛත්‍රීපාල සිරිසේන රජය යටතේ 2015 ජනවාරි 12 සිට 2015 අගෝස්තු 17 දක්වාද කටයුතු කළේය.

කොමිෂමේ නිල කාලය ලබන දෙසැම්බර් මස 16 වැනිදායින් අවසන් වීමට නියමිතය.

මේ අතර ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් කොමිසමට පැමිණ කරුණු ඉදිරිපත් කරන ලෙස ජනාධිපති කොම්ෂන් සභාව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු වන එම්.සී.සී ෆර්නැන්ඩෝ මහතාට දැනුම්දී ඇතත් ඊයේ වනතුරැද ඔහු කරුණු ඉදිරිපත් කර නොතිබූ බව වාර්තාවේ.

ජනප්‍රිය පුවත්  පල්ලන්සේන බන්ධනාගාරයේ නොසන්සුන්තාවක්

දැනට විදේශයක සිටින ෆර්නැන්ඩෝ මහතාවිදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා ලෙසද කාලයක් කටයුතු කළේය.

ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් කොමිසම විවිධ ප්‍රධානීන් 72 කගෙන් සාක්ෂි සටහන් කර ගෙන ඇති අතර ප්‍රකාශ සටහන් කරගෙන ඇති සංඛ්‍යාව 370කි.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුතු ජනාධිපති කොමිෂන් සභාවේ සෙසු සාමාජිකයන් ලෙස අභියාචනාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ සහ මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න යන මහත්වරු කටයුතු කරති.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x