October 5, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බාල ගල්අඟුරු නිසා මාස 3ට රුපියල් බිලියන 32ක පාඩුවක්.. සමාගමට දඩ බිලියන 7යි.. ජනතාවට බිලියන 25යි..

1 min read

ලංකාවට ආනයනය කරන ලද බාල ගල්අඟුරු හේතුවෙන් ගතවූ මාස තුනක කාලය තුළ පමණක් රටට සිදු වී ඇති සමස්ත පාඩුව රුපියල් බිලියන 32ක් බව ජනාධිපතිවරයා පවසන වීඩියෝවක් ආශ්‍රයෙන් මාධ්‍යවේදී චාමර විජේසූරිය කරුණු අනාවරණයක යෙදෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.

ඔහු පෙන්වා දෙන්නේ මෙම පාඩුවෙන් රුපියල් බිලියන 7ක ප්‍රමාණයක් අදාළ ගල්අඟුරු සැපයුම්කාර සමාගමට වාසි සහගත ලෙස හිමිවී ඇති බවත්, බාල ගල්අඟුරු භාවිතයෙන් සිදුවූ අමතර පාඩුව ජනතාවට බිලියන 10ක් සහ ආණ්ඩුවට බිලියන 15ක් ලෙස ගෙවීමට සිදුවන බවත්ය.

ජනාධිපතිවරයාගේ එකිනෙකට පරස්පර ප්‍රකාශ කිහිපයක් උපුටා දක්වමින් ඔහු සඳහන් කරන්නේ අවසානයේ අණ්ඩුවේ බිලියන 15ක කොටසද ගෙවන්නට සිදුවන්නේ ජනතාවට බවය.

එසේ නොමැතිව ආණ්ඩුවට තමන්ගේ කොටස ගෙවීමට මුදල් දෙන්නේ ඩයස්පොරාවෙන් දැයි ඔහු ප්‍රශ්න කරයි.

වීඩියෝව නරඹන්න..

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x