අත්අඩංගුවට ගත් ඥානසාර හිමි කොළඹ අපරාධ කොට්ඨාශයට..
1 min read
පිටිගල, ඉහළ හේරැස්ස, ලේනගල ආරණ්‍ය සේනාසනයේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගත් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඊයේ (03) රාත්‍රියේ කොළඹ අපරාධ කොට්ඨාශය වෙත රැගෙන විත් තිබේ.
උන්වහන්සේ මෙලෙස අත්අඩංගුවට ගනු ලැබුවේ අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නිකුත් කර තිබූ වරෙන්තුවකට අනුවයි.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා අභියාචනාධිකරණය ඔක්තෝබර් පළමුවැනිදා විවෘත වරෙන්තුවක් නිකුත් කෙරිණි.
ඊට අමතරව විදේශගත වීම වළක්වාලමින් අභියාචනාධිකරණය ඥානසාර හිමියන්ට විදේශ ගමන් තහනමක් ද නිකුත් කර ඇත.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රදානය කළ පොදු සමාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගියදා බලරහිත කරනු ලැබීය.
