සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් ගැන රජයේ ස්ථාවරය ලබන 09 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයට..
1 min read
රජ්‍ය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිඛෙන පෙත්සම්වලට අදාළව රජයේ ස්ථාවරය ලබන සඳුදා (09) නීතිපතිවරයා විසින් ශ්ර්ෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ විධිවිධාන මගින් ව්‍යවස්ථාව උල්ලංඝනය වන බව සඳහන් කරමින් එම පනත් කෙටුමිපත විශේෂ මන්ත්‍රී සංඛ්‍යාවකගේ අනුමැතියෙන් සහ ජනමත් විචාරණයේ අනුමත කරන ලෙස ඉල්ලා ගොනුකොට තිබූ මෙම පෙත්සම් 26 අද (05) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විය.
මෙම පෙත්සම් අගවිනිසුරු ප්‍රීතිපද්මන් සුරසේන, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන අචල වෙන්ගප්පුලි සහ සම්පත් අබේකෝන් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ අද (05) විභාගයට ගැණුනි.
සංවිධානාත්මක අපරාධ පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් එම පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට ජනමත විචාරණයක් හෝ විශේෂ මන්ත්‍රී සංඛ්‍යාවකගේ ඡන්දයෙන් සම්මත කිරීමට නියෝග නිකුත් කරන ලෙස ග්‍රි ලංකා නීතිඥ සංගමය ඩිස්ටිලිරිස් සමාගම ඇතුළු පිරිසක් විසින් මෙම පෙත්සම ගොනු කරනු ලැබ තිබේ.
පෙත්සම්කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන සංජීව ජයවර්ධන, සාලිය පීරිස්, එම්. ඒ. සුමන්තිරන්, ඉරාජ් ද සිල්වා , අලිසබ්රි, නවීන් මාරපන සහ නීතිඥවරුන් වන සුරෙන් ඥාණරාජ, ලක්ෂාන් ඩයස්, රුක්ෂාන් සේනාධීර, රුවන්ත කුරේ අධිකරණය හමුවේ පෙනී සිටියහ.
නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශි හේරත්, ආචාර්ය අවන්ති පෙරේරා, අතිරේක සොලිසිටර් ජෙනරාල් සුදර්ශන ද සිල්වා සමග සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න අධිකරණය හමුවේ පෙනී සිටියහ.
ඊයේ (04) පෙරවරුවේ ආරම්භ වූ පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන්ගේ කරුණු දැක්වීම් ඊයේ (04) රාත්‍රිය දක්වාම සිදු කෙරුණි.
මෙම පනත් කෙටුම්පතේ ව්‍යවස්ථානුකූලභාවය හා ඊට අදාළව සිදුවිය යුතු සංශෝධන ඇතුළත් ලිඛිත දේශන අද (05) දිනය තුළ ගොනු කරන ලෙස ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කාර පාර්ශ්වයට නියෝග කර තිබුණි.
එහිදී ලිඛිත දේශන ගොනු කිරීම අද අධිකරණය හමුවේ සිදුවිය.
