October 28, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල උග්‍රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

1 min read

ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවල් කිහිපයක මේ වන විට දැඩි ආර්ථික හා සමාජීය අර්බුදයක් නිර්මාණය වී ඇති බවත්, එය මහා පරිමාණ ජනතා විරෝධතා සහ උද්ඝෝෂණ දක්වා වර්ධනය වී ඇති බවත් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

පාසල් සිසුන්ගේ මට්ටමින් සහ කුඩා විරෝධතා වලින් ආරම්භ වූ මෙම ජනතා කිපීම, වර්තමානය වන විට ප්‍රංශයේ ප්‍රධාන නගර සහ රාජ්‍ය ආයතන ගිනිබත් වන මට්ටමට පත්ව ඇති බවත්, ඇතැම් ප්‍රදේශවලට ඇඳිරි නීතිය පවා පැනවීමට සිදුවී ඇති බවත් හෙතෙම පෙන්වා දෙයි.

ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන්ගේ පාලන කාලය තුළ සුපිරි ධනපතියන්ට සහ සංගතවලට ලබා දුන් බදු සහන නිසා රාජ්‍ය ආදායම බිලියන ගණනින් පහත වැටී ඇති අතර, එහි බර සම්පූර්ණයෙන්ම සාමාන්‍ය ජනතාව සහ මධ්‍යම පාංතිකයන් මත පැටවී තිබේ. ධනපතියන්ට වඩා සාමාන්‍ය ජනතාව දෙගුණයක් පමණ බදු ගෙවන තත්ත්වයක් අද වන විට උද්ගත වී ඇත.

මීට අමතරව, යුක්‍රෙයින් යුද්ධයත් සමඟ රුසියාවට පනවනු ලැබූ ආර්ථික සම්බාධක නිසා, යුරෝපයට සහ ප්‍රංශයට අඩු මිලට ලැබුණු ගෑස් සහ තෙල් අහිමි වී ඇත. මේ නිසා වැඩි මිලට ඇමරිකාවෙන් බලශක්තිය මිලදී ගැනීමට සිදුවීමෙන්, කර්මාන්තශාලා වැසී යෑම සහ ප්‍රවාහන හා ජීවන වියදම ඉහළ යාම සිදුවී තිබේ. යුරෝපයේ දියුණු රටක දැකගත නොහැකි අයුරින් ප්‍රංශයේ ජනතාවගේ ආහාර පරිභෝජනය දෙවන ලෝක යුද්ධ සමයටත් වඩා පහළ මට්ටමකට වැටී ඇති බව දත්ත පෙන්වා දෙයි.

ජනප්‍රිය පුවත්  වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

එමෙන්ම, යුරෝපය තුළ ක්‍රියාත්මක කළ නව ලිබරල් සංස්කෘතික හා සමාජීය වෙනස්කම් හරහා සාම්ප්‍රදායික සමාජ හා ආගමික මූලයන් විනාශ වීම ද ජනතාව තුළ දැඩි මානසික පීඩනයක් හා අතෘප්තියක් ඇති කිරීමට හේතු වී ඇති බව ඔහු පෙන්වා දෙයි.

මෙම තත්ත්වය හමුවේ ප්‍රංශ ජනාධිපතිවරයාගේ ජනප්‍රියතාවය දැඩි ලෙස පහළ බැස ඇති අතර, ප්‍රංශය පමණක් නොව ඉතාලිය සහ ජර්මනිය වැනි යුරෝපයේ තවත් රටවල් රැසකද මෙවැනිම ආර්ථික පීඩන සහ ජනතා විරෝධතා මතුවෙමින් පවතින බව ජගත් චන්ද්‍රවංශ මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

වීඩියෝව නරඹන්න..

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x