November 3, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සියයට 7කට වැඩි අගයකින් පහළට

1 min read

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් සියයට 7කට වැඩි අගයකින් පහළ ගොස් තිබෙනවා.


මෙය පසුගිය මාස තුනක කාලය තුළ වාර්තා වූ විශාලතම දෛනික මිල පහළ යෑම ලෙසයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.


අමෙරිකාව සහ ඉරානය අතර සාම ගිවිසුමකට එළඹීම සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් අත්කරගෙන ඇති බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයත් සමග මෙම මිල පහළ යෑම වාර්තා වී තිබෙනවා.


ඒ අනුව, ජාත්‍යන්තර වෙළෙඳපොළේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල සියයට 7කට වැඩි අගයකින් පහළ ගොස් අමෙරිකානු ඩොලර් 104.8 මට්ටමකට පැමිණ ඇති බව සඳහන්.


එමෙන්ම අමෙරිකානු වෙළෙඳපොළේ WTI බොරතෙල් බැරලයක මිල ද ඩොලර් 96.73 මට්ටමකට පහළ ගොස් තිබෙනවා.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x