October 19, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබීමේ සිද්ධියට තවත් 5ක් අත්අඩංගුවට

1 min read

කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබීමේ සිදුවීමට හා ඒ ආශ්‍රිත නීතිවිරෝධී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වූ තවත් සැකකරුවන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පරිසර අමාත්‍යාංශය සඳහන් කළේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය සහ පොලිස් නිලධාරීන් එක්ව අදාළ බල ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවය.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් මූලිකව අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු, කාවන්තිස්ස හස්තියාට වෙඩි තැබීමේ ප්‍රධාන සිද්ධියට සෘජුවම සම්බන්ධ බවට මේ වන විට විමර්ශන මඟින් අනාවරණය වී ඇති බවද අමාත්‍යාංශය සඳහන් කළේය.

වනජීවී නිලධාරීන් සහ ගල්ගමුව පොලිසිය එක්ව අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කරමින් සිටින අතර, අදාළ වෙඩි තැබීමට භාවිත කළ ගිනිඅවි සහ වන සතුන් ඉලක්ක කරගත් සංවිධානාත්මක ජාවාරම් ජාලයක් ක්‍රියාත්මක වූයේද යන්න පිළිබඳව ඉදිරි විමර්ශන පුළුල් කර ඇති බවද අමාත්‍යාංශය පැවසීය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x