රන්මල්ලා මාරු කරන්න “කොස්තාපල් පුඤඤසෝම” දැරූ තැත වරදී !
1 min read
වරායේ රේගුව බාරයේ තිබූ අයිස් නැමැති මත්ද්‍රව්‍ය සහිත කන්ටේනරය පිළිබඳ තොරතුරු ලැබ රේගු නිලධාරින් සමග ගොස් එය විවෘත කර පොලීසිය බාරයට ගැනීමෙන් පසු, ඒ පිළිබඳව උරණ වූ පොලිස්පතිවරයා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු ඇතුලු ඉහළ නිලධාරින් 06 දෙනකු වහාම ක්‍රියාත්මකවන පරිදි ස්ථාන මාරු කිරීමට පියවර ගත්තේය. ඒ සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ලැබිය යුතුව තිබූ අතර, අද එම කොමිෂම පොලිස්පතිවරයාට දන්වා ඇත්තේ, එවැනි ස්ථාන මාරුවක් ලබාදීමේ අවශ්‍යතාවක් නොමැති බවය.
ඒ අනුව, ජ්‍යෙෂ්ඨ නි. පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය බාර නි. පොලිස්පති අශෝක ධර්මසේන හා එහි අධ්‍යක්ෂවරයා ඇතුළු නිලධාරින් 06 දෙනෙකු ස්ථාන මාරු කිරීමට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය දරන ලද උත්සාහය පරාජය වී තිබේ.
2026 අගෝස්තු 31 වන දා සිදුකරන ලද වැටලීම පිළිබඳව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, පොලිස්පති ප්‍රියන්ත වීරසූරියව පූර්ව වශයෙන් දැනුම්වත් කර තිබී නැත. මීට පෙර වත්මන් ආණ්ඩුව පරීක්ෂාකර බැලීමකින් තොරව රට තුළට ගෙන ඒමට ඉඩ දුන් කන්ටේනර් 323 තුළ ද මෙවැනි භයානක මත්ද්‍රව්‍ය තිබෙන්නට හැකිය යන මතය විපක්ෂය විසින් පවසද්දී, එවකට රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා මාධ්‍ය අමතා කියා සිටියේ කන්ටේනර් හරහා අයිස් හෝ එවැනි වෙනත් මත්ද්‍රව්‍ය රට තුළට ගෙන ආ නොහැකි බවය.
එහෙත් ජ්‍යෙෂ්ඨ නි. පොලිස්පති රන්මල් කොඩිතුවක්කු ඇතුලු කණ්ඩායම මෙම අයිස් මත්ද්‍රව්‍ය කන්ටේනරය සොයාගැනීමට සමත්වීමෙන්, ආණ්ඩුව මතු කළ එම මතය සපුරා බිඳ වැටී තිබේ. ඒ පිළිබඳව උරණ වූ පැලවත්තේ බලධාරින්ගේ උවමනාව පිණිස පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය හෙවත් “කොස්තාපල් පුඤඤසෝම” මෙම දඬුවම් මාරුව ලබාදීමට තීරණය කර තිබුණි.
- ජගත් මනුවර්ණ
