November 5, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

එළවළු මිල උඩ යයි

1 min read

වෙළෙඳපොළේ එළවළු තොග සහ සිල්ලර මිල ගණන් ඉහළ ගොස් ඇතැයි ආර්ථික මධ්‍යස්ථාන වෙළෙන්දෝ කියා සිටිති. මේ දිනවල එළවළු වගාකිරීමේ කටයුතු යළි ආරම්භ කරමින් පැවැතීම නිසා වෙළෙඳපොළට සැපයෙන එළවළු ප්‍රමාණය අඩුවීමට බලපා තිබෙන බව ආර්ථික මධ්‍යස්ථාන නිලධාරීහු කියා සිටිති.

ඉදිරි දිනවලදීද තවදුරටත් එළවළු මිල ගණන් ඉහළ යාහැකි බව ආර්ථික මධ්‍යස්ථාන තොරතුරු සඳහන් කරයි.

එළවළු මිල ඉහළ යාමත් සමග සිල්ලර මිල ගණන් ද වැඩිවී ඇති අතර, මේ නිසා වෙළෙඳපොළේ එළවළු අලෙවිය ද පහත වැටී තිබෙන බව එළවළු වෙළෙන්දෝ කියා සිටිති. දෙහි කිලෝවක මිල මේ දිනවල රුපියල් 1,000 ත් 1,500 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ දිනවල දෙහි අස්වැන්නක් නොතිබීම දෙහි මිල ඉහළ යාමට බලපා තිබෙන බව ආර්ථික මධ්‍යස්ථාන තොරතුරු කියයි. මේ නිසා විවිධ නාරං වර්ග පවා දෙහි ලෙස මේ දිනවල වෙළෙඳපොළේ අලෙවි කෙරෙන්නේය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x