October 14, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

බෝතල් කළ පානීය ජලය වැඩි මිලට වික්කැයි ජල ක්‍රීඩා ආයතනයකට ලක්ෂ පහක් දඩ

1 min read

උපරිම සිල්ලර මිල ඉක්මවා බෝතල් කළ පානීය ජලය අලෙවි කිරීම සම්බන්ධයෙන් හංවැල්ල, කළුඅග්ගල පිහිටි විනෝද ජල ක්‍රීඩා ආයතනයකට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් පවරන ලද නඩුවකදී, අදාළ සමාගමට එරෙහිව රුපියල් 500,000/-ක (රුපියල් ලක්ෂ පහක) දඩ මුදලක් නියම කර ඇත.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් විසින් කරන ලද වැටලීමකදී, දේශීයව බෝතල් කළ මිලිලීටර් 500ක පානීය ජල බෝතලයක් නියමිත උපරිම සිල්ලර මිල වන රු. 80/- ඉක්මවා රු. 100/-කට අලෙවි කර ඇති බව අනාවරණය කර ගෙන තිබේ.

ඒ අනුව, නියමිත උපරිම සිල්ලර මිලට වඩා රු. 20/-ක වැඩි මුදලක් අය කරමින් පානීය ජල බෝතලයක් අලෙවි කිරීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් එම ආයතනයට එරෙහිව අවිස්සාවේල්ල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා ඇත.

වෙළෙඳසලකින් පමණක් නොව, ආපනශාලාවකින්, හෝටලයකින් හෝ විනෝද උද්‍යානයකින් භාණ්ඩ මිලදී ගැනීමේදී පවා අදාළ භාණ්ඩයට නියම කර ඇති උපරිම සිල්ලර මිල පිළිබඳ සැලකිලිමත් වන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

ජනප්‍රිය පුවත්  මහජන පෙත්සම් කාරක සභාවට පැමිණිලි 999ක්
Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x