October 1, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

කථානායකවරයාට එරෙහිව සජබයෙන් විශ්වාසභංගයක්

1 min read

කථානයක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව සමගි ජනබලවේගය විසින් විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට තීරණය කර තිබේ.

පසුගියදා පැවති එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී ගත් තීරණයකට අනුව මෙම යෝජනාව ගෙන එන බව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.

ඒ අනුව අදාළ යෝජනාව නුදුරු දිනකදී කථානායකවරයා වෙත භාරදීමට නියමිත බව මහලේකම්වරයා සඳහන් කළේය.

කථානායකවරයා සම්බන්ධයෙන් කරුණු 40කට අධික සංඛ්‍යාවක් මෙම විශ්වාසභංග යෝජනාවට ඇතුළත් කර ඇති බව ඒ මහතා පැවසීය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x