October 1, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

පොළොන්නරුව වකුගඩු රෝහල් පරිශ්‍රයේ සිදුවූ පිපිරීමෙන් රෝහල් සේවකයෙකු මරුට

1 min read

පොළොන්නරුව ජාතික වකුගඩු (වෘක්කවේද) රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ පිපිරීමෙන් බරපතළ තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි සෞඛ්‍ය කාර්ය සහයකයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 36 හැවිරිදි ගල්ඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්ය.

රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ අද (26) අලුයම 4ට පමණ සිදුවූ මෙම පිපිරීමෙන් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කරනු ලැබීය.

ඉන් බරපතළ තත්ත්වයෙන් සිටි තිදෙනෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරන ලදී.

මෙලෙස ප්‍රතිකාර ලැබූ එක්අයෙක් මේ වනවිට මිය ගොස් ඇති අතර සෙසු දෙදෙනා තවදුරටත් එම ඒකකයේ ප්‍රතිකාර ලබයි.

රෝහලේ ප්‍රධාන මුළුතැන්ගෙයි ගෑස් කාන්දුවීමකින් ගෑස් සිලින්ඩරයක් පිපිරීමෙන් මෙය සිදුවන්ට ඇති බවට සැකකෙරෙන අතර, ඒ පිළිබඳව පරීක්ෂණ කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතී.

පිපිරීම හේතුවෙන් අසල පිහිටි ගොඩනැගිලි කිහිපයකට ද දැඩි ලෙස හානි සිදුවිය.

මෙම පිපිරීමෙන් රෝහල් කටයුතුවලට බාධා එල්ලවී තිබුණද, රෝහලේ කොටසක එම කටයුතු පවත්වාගෙන යාමට කටයුතු කළේය.

කෙසේ නමුත් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් පොළොන්නරුව මහ රෝහලට මාරු කර යැවීමට පියවර ගත්තේය.

ජනප්‍රිය පුවත්  සජිත් අතහරින්න 7ක් ලෑස්තියි!

එමෙන්ම මෙම පිපිරීමෙන් රෝහලේ සිටි රෝගීන්ට හානියක් සිදුවී නැත.

පොළොන්නරුව ජාතික වකුගඩු (වෘක්කවේද) රෝහලේ මුළුතැන්ගෙය පරිශ්‍රයේ සිදුවූ පිපිරීම පිළිබඳ සොයාබැලීම සඳහා පොලිස් කණ්ඩායම් 2ක් යොදවා මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇත.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x