September 15, 2026

Lanka Underground News

Underground news from Sri Lanka

ආවේ ඩිජිටල් රාජ්‍යයක් හදන්න අඬබේර ගහලා… තවම ඊමේල් සර්වරයක් අප්ඩේට් කරගන්න බෑ… මේක ඩිජිටල් අසමත් රාජ්‍යයක්….! – චිත්‍රාල් ප්‍රනාන්දු….

1 min read

මහා භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන දෙකහමාරක් අතුරුදන් වීම පිළිබඳ සාකච්ඡාවේදී ආණ්ඩුව විසින් අදාළ කාරණාව හැර මහ බැංකුව වංචාවේ සිට රාජසිංහ රජතුමා දක්වා වංචා පිළිබඳ කතාකළ බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චිත්‍රාල් ප්‍රනාන්දු පවසයි.

අදාළ වංචාව පිළිබඳ සිදුකළ විමර්ශන වාර්තාවේ මහ බැංකු අධිපති සහ මහා භාණ්ඩාගාර ලේකම් යන දෙදෙනාට ඊට වගකිව යුතු බව දැක්වුවද කනිෂ්ට නිලධාරීන් සිව් දෙනෙකුගේ පමණක් වැඩ තහනම් කර ඇතැයිද ඔහු පෙන්වා දෙයි.

2016 කල් ඉකුත් වූ ඊමේල් සර්වරය 2025 තාක්ෂණික සහායද අවසන් වුවද වසර දෙකක් ගතවුවදඑය යාවත්කාලීන කරගැනීමට ආණ්ඩුව අපොහොසත් වී ඇතැයිද මන්ත්‍රීවරයා චෝදනා කරයි.

සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ජාත්‍යන්තරයට සමපාත ඩිජිටල් රාජ්‍යයක් නිර්මාණය කිරීමට ආණ්ඩුව පොරොන්දු වුවද බිහිකර ඇත්තේ ඊමේල් සර්වරයක් යාවත්කාලීන කරගත නොහැකි අවදානම් ඩිජිටල් රාජ්‍යයක් බවද චිත්‍රාල් ප්‍රනාන්දු ප්‍රකාශ කරයි.

පසුගියදා (05) පාර්ලිමේන්තුව අමතමින් චිත්‍රාල් ප්‍රනාන්දු මේ බව කීය.

Please follow and like us:
Pin Share
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
0
Would love your thoughts, please comment.x
()
x